Latest Articles
Search

ගෝඨාභයව වහාම ලංකාවට ගෙන්වාගෙන ආරක්ෂාව දෙන්න-බැසිල් රනිල්ගෙන් ඉල්ලයි

103

ශ්‍ ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Advertisement

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන ලෙසයි.

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබෙනවා.

Advertisement

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවති බවයි වාර්තා වන්නේ.

Advertisement

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.

Advertisement

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

Advertisement

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

Advertisement

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Advertisement

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

Advertisement

Source:Asianmirror

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *