ගයත්‍රිව කවුරුත් දන්නවනෙ. ඒ වගේම තමයි චන්නව.
ඔන්න මේ දෙන්නගෙ ආදරණීය ලොකු දූ එයාගේ ජීවිතයේ වැදගත්ම කඩ ඉමක් පසුකර තිබුණා.
ඒ ඇගේ උපාධි සිහිනය හැබෑවක් කරගනිමින්.
ගයත්‍රි ඒ සතුට බෙදාගෙන තිබුණෙ ආදරණීය රූ එකතුවක් එක්ක සොඳුරු සටහනක් ද සමාජ මාධ්‍යයට එකතු කරමින්.
“ඔයා මේ ලෝකෙට ආපු ගමන් අපේ හිත්වලට ගෙනාවේ පුදුම සතුටක්.
ඔයා අපේ ජීවිතයේ මෙතෙක් සිදු වූ හොඳම දේ !
මම ඔයා ගැන ආඩම්බර වෙනවා.
මම ඔයාට ආදරෙයි මගේ දුව…”