Latest Articles
Search

කාලෙන් කාලෙට කතා මවන අපේ කාලේ ගිනි කිරිල්ලි

429

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඉතින් ‘නිනෝ ලයිව්’‍ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වුනු ඇය ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය හරහා අපේ රටේ කාගේත් ආකර්ෂණය වගේම ආදරය දිනා ගත්තා කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඇය රයිගම් ටෙලීස් හී කූඹියෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ද ලබා ගන්නට වසනවත්න වුණා. ඉතින් ඊට පස්සේ ‘රෂ්’ සිනමාපටයට ද රංගනයෙන් දායක වුනු ඇය මේ දිනවාල විකාශනය වෙන කසුන් පතිරණගේ කුලූඳුල් සිනමාපටය වන ‘නයිට් රයිඩර්’ චිත්‍රපටයේ ප‍්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා තියනවා අපට දැකගන්න ලැබුණා.

Advertisement

ඉතින් ඇයගේ තුන් වෙනි සිනමා නිර්මාණය විදිහටලු ‘නයිට් රයිඩර්’ විකාශනය වෙන්නේ. ඒත් එක්කම ඇය මේ කරපු සියලූ‍ම නිර්මාණවල අධ්‍යක්ෂකවරු කුලූඳුල් අය කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ සියලූ‍ දෙනාත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇය සතුටු වෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ටෙලි නාට්‍යය දහයකට වැඩිය කරලා තියෙනවාලු. ඒ වගේම හොඳම සහය නිළිය කූඹියෝ‍ ටෙලි නාට්‍යයෙන් හම්බුණා කියලත් ඇය කියනවා. ඉතින් වැදගම්මකට නැති නිර්මාණවලට දායක වනවාට වැඩිය හොඳ නිර්මාණ තුන හතරකට දායක වුණාම තමන්ට කියලා ස්ථාවරයක් හදාගන්න ලේසි කියලයි ඇය කියන්නේ.

Advertisement

ඉතින් ඒ වගේම ඇයගෙයි, ප‍්‍රවිණයන් අතරෙයි ලොකු සම්බන්ධතාවයක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ක්ෂේත‍්‍රයේ සියලූ‍ දෙනාත් එක්කම කුලූපගව කටයුතු කරනවාලු. ඉතින් ඇය කාත් එක්කවත් විශේෂ සම්බන්ධතාවයක් ඇති කරගෙන නැහැලු. ඇයට අනික සම්බන්ධතාවක් ඇති කර ගන්න අවශ්‍යතාවකුත් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගෙන් ක්ෂේත‍්‍රයට වැඩදායී යමක් කෙරෙන්න ඕන නම්, ඒ සියලූ‍ දෙනා වෙනුවෙන් ඇය එය ඉටු කරනවාලු. ඒත් එක්කම සමහර ප‍්‍රවීණයන්ගෙන් ඇයට ගුරු හරුකම් පවා ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

Advertisement

ඉතින් ඒ වගේම අපේ සියලූ‍ දෙනාම දැන් නැවතත් සම්ප‍්‍රදායික විදියට හිතන්න පටන් අරන් කියලත් ඇය කියනවා. ඉතින් ඒ හණ මිටි අදහස් නිසා සමහර අයට සමාජයේ ජීවත් වෙන්න බැරි තරම් ප‍්‍රශ්න තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ සියලූ‍ දෙනාම හිතන්නේ බැඳලා දරුවෝ හදලා දරුවන්ගේ වැඩ ටික කරගෙන ගෘහණියක් වෙන එක තමයි හොඳම දේ කියලාලු. හැබැයි ඇය නම් එකට තදින්ම විරුද්ධයිලු. ඉතින් ඒ වගේම අද ලෝකයේ භාගෙට භාගයක් ස්ත‍්‍රීන් තමයිලු පාලනය කරන්නේ. ඇතැම් රටවල කාන්තාවෝ ජනාධිපතිවරියන් වෙලා ඒ ඒ රටවල් පාලනය කරනවා කියලත් ඇය කියනවා. ඉතින් මෙතැන තියෙන්නේ ස්ත‍්‍රී, පිරිමි පක්ෂ අතර අසමතුලිතතාවයක් විදිහටලු ඇය නම් දකින්නේ. කොහොම නමුත් පිරිමින්ට වඩා අද ස්ත‍්‍රිය ඉදිරියෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. අපේ රටේ වුණත් බැලූ‍වොත් ප‍්‍රධාන ස්ථානවල මූලාසනයේ ඉන්නේ කාන්තාවන් කියලත් ඇය කියනවා. ඒ ඔවුන්ගේ නිදහස තුළ ඔවුන් ජීවත් වුණ නිසාලු.

Advertisement
 
මේ ඇයගේ නවතම රූ එකතුව. බලන්නකො ලස්සන….

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *