අම්මා කියන්නේ ෂූටිං අංක දෙක. ඉගෙනීම අංක එක කියලා- කටකාර දගකාර පුංචි කෙල්ල මිනායා

232

පුංචි තිරයේ කා අතරත් කතා බහට ලක්වෙන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ මිනායා කියන්නේ පුංචි තිරයේ හැඩ වැඩ දාන පොඩි රුවැත්තියක්. ඉතින් කිය දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය වගේම ‘අදුන්ගිර’ ටෙලිනාට්‍යයේ ද ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ළමා රංගන ශිල්පිනියන් අතර කටකාර හැඩකාර රංගන ශිල්පිනියන් අතර ඇය ඉහලින්ම සිටින කෙනෙක්. ඉතින් හැමෝම ඇයව මිනායා කියලා හැදින්වූවත් ඇගේ නම තමයි පහන්දි නෙතාරා කියන්නේ.

Advertisement

තවම පාසල් ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්න පහන්දි පළමුවෙන්ම පුංචි තිරයට එකතුවෙන්නේ වෙළද දැන්වීමක් හරහායි. ඇයට ඒ විදියට අවස්ථාව ලැබෙන්නේ වෙඩින් එකක මල් කුමාරිට ගිහින් ඇයව දැකපු කෙනෙක් හරහායි. ඉතින් ඒ විදියට මුලින්ම පහන්දි කැමරාවක් ඉදිරියට යන්නේ වයස අවුරුදු 3දී.

Advertisement

ඉතින් වෙළද දැන්වීම් කර කර හිටපු පහන්දිට ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබෙනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වුනු රාවණා ටෙලිනාට්‍යයේ. ඉන් පසුව අමාලියා, සංඝටන, දාම්, සකර්ම, අදුන්ගිර, කියා දෙන්න ආදරෙ තරම් වැනි ටෙලිනාට්‍යය ගණනාවකම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් පහන්දි කියන්නේ දෙබස් මතක තියා ගන්න එක තමයි ලොකුම වැඩේ කියලා. ඉතින් රංගන ජීවිතේ අත්දැකීම් ගැන චූටී දගකාර රුවැත්තිය පහන්දි නේ විදියටයි පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ.

Advertisement

” ගොඩක් අය මට දැන් කතා කරන්නේ මිනායා කියලා. මට දෙබස් මතක තියාගන්න තමයි අමාරු. මොකද මගේ දෙබස් ගොඩක් දිගයි. මට ගොඩක් වෙලාවට වැරදෙනවා. කියවෙන්නෙත් නෑ වචන. මම ආසයි රගපාන්න. ඒත් අම්මා තමයි මම රගපානවද නැද්ද කියලා තීරණය කරන්නෙ. අම්මා කියන්නේ ෂූටිං අංක දෙක. ඉගෙනීම අංක එක කියලා. ”

Advertisement

පහන්දිගේ ජීවිතේ බලාපොරොත්තුව තමයි හොදට ඉගෙන ගෙන ලොකු වෙලා ඉංග්‍රීසී ගුරුවරියක් වීම. ඉතින් පුංචි පහන්දිගේ ඉදිරි කලා වැඩ කටයුතු වගේම අධ්‍යාපන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *