Latest Articles
Search

රනිල් මුදල් ඇමතිකම හර්ෂට දෙන්න බෑ කියයි?? මේ රජයට ආර්ථිකය සම්බන්ධ වැඩපිළිවෙලක් නෑ – හර්ෂ

7963
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා කියන ආකාරයෙන් ජාත්යන්තර විශ්වාසය දිනාගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුවට නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
“ජනාධිපතිතුමා ළඟදි කිව්වා අර ලසාඩ් ඉක්වදෝ රටෙන් ඉගෙනගත්ත පාඩම තමයි චීනෙන් තමයි මේ ප්රතිව්යුහගතකරණය පටන් ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ චීනයේ ප්රතිව්යුහගත කිරීමට එකඟ වෙච්ච නැති නිසා මාස 18 ක විතර ප්රමාදයක් වුණා, රට තවදුරටත් වැටුණා. හැබැයි දැන් තාම ඒ සාකච්ඡා ආරම්භ කරලත් නෑ. අද බොහෝ පුවත්පත්වල ප්රධාන සිරස්තලය චීනය සහ ඉන්දියාව සහ ලංකාව අතර මේ අද හෙට පැනනගින මේ තියෙන ප්රශ්ණය ගැන මේ නැවක් සම්බන්ධව. විශ්වාසයක් නැති ආණ්ඩුවකට ඒ ජාත්යන්තර ගැටළුව විසඳා ගැනීම කෙසේ වෙතත් දැවැන්ත ආර්ථික ප්රතිසංස්කරණ කරන්නේ කොහොමද?
හදිසි නීතිය පවත්වාගෙන යාමෙන් අදහස් කරන්නේ, ජනතාව ප්රතිසංස්කරණ වලට සූදානම් වුණේ නැත්නම් ජ හදිසි නීතිය යොදා මේ ප්රතිසංස්කරණ කිරීමට යන බවක් ද යන්න හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල්ගෙන් ප්රශ්ණ කරයි.
“ජනතාව බය කරලා ආර්ථික ප්රතිසංස්කරණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ”
රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුව තවත් රාජපක්ෂ කණ්ඩායමක එකම කාඩ් කුට්ටමේ කොළ නැවත අනා ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත්, ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවට සැබෑ ජන ප්රසාදයක් නොමැති බවත් සිල්වා මහතා අවධාරණය කළේය.
“මේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කොහොමද අවශ්ය විශ්වාසය දිනා ගන්නේ? ඒක තමයි තියෙන ප්රශ්ණෙ. දැන් අපිට ණය ප්රතිව්යුහගත කරන්න තියෙනවා. තාම ඒ වැඩේට අපි අත ගහලත් නැහැ.
කෙටි කාලීන, සර්වපාක්ෂික වැඩපිළිවෙලක්, පොදු වැඩපිළිවෙලක් අපි ඒකට එකඟ වෙමු. ඇයි අපිට බැරි? නමුත් කෝ මේ අවංකකම?”
“අපේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් හැර මම මේ වැඩපිළිවෙලට එකතු වෙන්න සූදානම් නැහැ. මොකද එහෙම කරලා ප්රශ්ණයට විසඳුමක් නැහැ. මට ජනාධිපතිතුමා කිව්වා එන්න එකතුවෙන්න කියලා. ඇමතිවරු කිව්වා. ඇමතිවරු නොවන එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තලයේ ඉන්න පුද්ගලයෝ කිව්වා. ඊයෙත් කිව්වා. හැබැයි මම ඉන්නේ එතන නෙමෙයි.
“2020 සැප්තැම්බර් අපි පාර්ලිමේන්තුවට ආවේ. පළවෙනි ආර්ථිකය පිළිබඳව කරපු විග්රහයෙදි අයවැය සම්බන්ධයෙන් අපි පැයක කතාවක් කරා. කරලා කිව්වා ඔබලා යන මේ මාර්ගය වැරදි. මේ මාර්ගය නිවැරදි කරගන්න. මේ පාර්ලිමේන්තුවේ අපි තමයි ඉස්සෙල්ලම මේක ගැන සඳහන් කළේ. ඊට පස්සේ රනිල් වික්රමසිංහ මන්ත්රීවරයා හැටියට මාස 6 කට විතර පස්සේ ඇවිල්ලා, ඔහුත් ඒ ගැන සඳහන් කළා.”
Source:newspedia

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *