Latest Articles
Search

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට

184

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Advertisement

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා තායිලන්තය බලා යාම සඳහා පිටත් වුණේ අද පස්වරුවේයි.

Advertisement

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසනවා.

Advertisement

මෙරට ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන තුරු රැදී සිටියේ සිංගප්පූරුවේයි.

Advertisement

දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට පළමුව ඔහුට අවස්ථාව ලබා දුන් අතර පසුව එම කාල සීමාව අගෝස්තු 11 දක්වා දීර්ඝ කෙරුණා.

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය බලා පැමිණීමට නියමිත බවට වාර්තා වුණේ ඒ අතරතුරයි.

Advertisement

ඒ පිළිබඳ අදහස් දක්වමින් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චන් ඕ චා ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම මානුෂීය හේතුන් මත සිදුවන්නක් බවයි.

Advertisement

එරට රැදී සිටින කාලය තුල කිසිදු දේශපාලන කටයුත්තකට ඔහුට අවසර හිමි නොවන අතර එම කාලය ඇතුලත සුදුසු රටක රැකවරණය ඔහුට ලබා ගැනීමට හැකිවනු ඇති බවයි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕ චා සඳහන් කළේ.

Advertisement

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් රාජ්‍යත්‍රාන්තික බලපත්‍රයක් දරණ බැවින් ඔහුට දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට හැකි බව එරට විදේශ අමාත්‍ය දොන් ප්‍රමුත්විනායි ප්‍රකාශ කළා.

Advertisement

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ තායිලන්ත සංචාරය සම්බන්ධයෙන් ලක් රජයෙන් විරෝධතාවක් එල්ල වී නොමැති බවයි.

Advertisement

කෙසේ වෙතත්, තායිලන්ත රජය හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අනුග්‍රහයක් නොකරන බවත් තායිලන්තයේ සිටින කාලය අතරතුරදී තායිලන්තයට කිසිදු ගැටළුවක් මතු නොකරන බවට වන කොන්දේසිය මත හිටපු ජනාධිපතිවරයාට එරට රැදී සිටීමට අවසර ලබා දී ඇති බවත් තායිලන්ත විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

මේ අතර හිරු ප්‍රවෘත්ති අමතමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමන් දැනට සිංගප්පූරුවේ රැදී සිටින අතර බැංකොක් නුවර බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

Advertisement

තමන් ගැටළුවකින් තොරව ඉතා සුවෙන් පසුවන බවත් ඔහු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *