Latest Articles
Search

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනපතිගේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ආසිරි

301

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසනවා.

Advertisement

ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදියි මේ බව සඳහන් කෙරුණේ.

Advertisement

එම අවස්ථාවට වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ හිමිවරු දැනුවත් කළ ජනාධිපතිවරයා “සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බවයි අවධාරණය කළේ.

Advertisement

එම සාකච්ඡා සාර්ථක බවත් ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් හා විවිධ දක්ෂතා ඇති පිරිස් සිටින බවයි මහ සංඝරත්නය හමුවේ පැවසුවේ.

Advertisement

සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බවත් එම සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දී නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Advertisement

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය කෙරෙහි අද රටේ ජනතාව විශ්වාස තබා ඇති බව මෙහිදී සඳහන් කළ මහා සංඝරත්නය, එම විශ්වාසය
තහවුරු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

Advertisement

Source:Hirunews

Advertisement

 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *