Latest Articles
Search

මේක ගෝඨාට එන්න හොඳ වෙලාව නෙවෙයි – ජනපති රනිල්

148

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

Advertisement

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නයලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

Advertisement

මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටි දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර යළි විරෝධයක් ඇති කළ හැකි බවයි ජනාධිපති වික්‍රමසිංහ කියා ඇත්තේ.

Advertisement

දැඩි මහජන විරෝධතා මධ්‍යයේ, ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව බලා යාමෙන් පසුව ඉකුත් ජූලි 13 වැනිදා හිටපු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස් වීම නිවේදනය කළා.

Advertisement

අනතුරුව ඔහු සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහුගේ කෙටි කාලීන ගමන් බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය අවසර ලබාදී තිබුණු බව පසුගිය දා සිංගප්පුරු ද ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කළා.

Advertisement

කෙසේ වෙතත්, පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නො සිටි බවත්, ඔහු යළි මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බවත්ය.

Advertisement

එසේ ම ‘ද ස්ට්‍රෙට් ටයිම්ස්’ සමග අදහස් දක්වා තිබුණු නම් හෙළි කිරීමට අකමැති වූ මෙරට රජයේ ඉහළ නිලධාරියෙකු කියා ස්ටියේ, හැකි ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ ඔහු අගනුවර ආසන්නයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ නැවතත් ජීවත් වීමට උනන්දුවෙන් පසුවන බවයි.

Advertisement

මේ අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනපතිවරයාට මෙරටට පැමිණීමට තව ම සුදුසු කාළය එළඹ නැතැයි තමා විශ්වාස කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සමඟ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී කියා තිබුණා.

Advertisement

එසේ ම රටේ ආර්ථිකය පිළිබඳ අදාළ ජර්නලය වෙත අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා ඇත්තේ, “මම හිතන්නේ අපි දැනටමත් ගල් පතුළට වැටිලා ඉවරයි. මට උමඟ කෙළවරේ ආලෝකය පේනවා. අපි උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් එයට ළඟා වීමටයි,” යනුවෙන්.

Advertisement

රටේ දැවැන්ත උද්ධමන‍ය, ඉන්ධන සහ ඉවුම් පිහුම් ගෑස් ගැටලුවලින් පීඩා විඳින බොහෝ ශ්‍රී ලාංකිකයින්ට තම ආර්ථික තත්ත්වයන්හි කිසියම් සැලකිය යුතු ධනාත්මක වෙනසක් දැකීමට මාස කිහිපයක් ගතවනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර තිබුණා.

Advertisement

අයි.එම් එෆ් අරමුදල් ලබා ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීමේ දී කාර්යමණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක කර ගැනීම වැදගත් බවත්, එම සාකච්ඡා අගෝස්තු මස අවසානය වන විට සාර්ථක කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

Advertisement

කෙසේ නමුත්, දේශපාලන ස්ථාවරත්වයක් තිබුණා නම් මේ මාසයේ (ජූලි) දී “අපිට ඒක ලබා ගන්න තිබුණා” යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබුණා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *