Latest Articles
Search

පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි

122

සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය.

Advertisement

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ විවිධ භේද අතහැර අත්වැල් බැඳගැනීමෙන් රට ගොඩනැඟිය හැකි බවත් පාර්ලිමේන්තුව තුළ එම සමගිය දක්නට නොමැති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

Advertisement

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීවේය.

Advertisement

“20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා.

Advertisement

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාව ගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහ වහා යෑම හා නීතියේ බිඳවැටීම මෙන්ම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබාදුන් අසීමිත බලතල තුළයි.

Advertisement

19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධිකරණ ඇමතිතුමා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙනවා.

Advertisement

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳගන්න පුලුවන්නම් රට බේරාගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත හා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළා. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. එකී නිශ්චිත කාලය තුළ සිදුකරන එම වගකීම් සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. මේ සෑම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහියි.

Advertisement

දැන් අපි සන්සුන් විය යුතු කාලය පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති විය යුතුයි.

Advertisement

රට ඉදිරියට ගෙනයෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැකියි. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්තිනාමයට විශාල වශයෙන් හානිවන බව නිලධාරීන් වටහාගත යුතුයි.

Advertisement

Source:Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *