පොත පතෙන් විතරක් නෙමෙයි, සමාජයෙනුත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා-පුංචි සුරංගනාවිය නයනතාරා

159

කලා ක්ෂේත්‍රයේ රංගන අංශයට එකතු වුණු ආදරණීයම චරිත අතර නයනතාරා වික්‍රමආරච්චි ඉදිරියෙන්ම සිටින චරිතයක්. වයස් භේදයකින් තොරව ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඇය වටා මේ වනවිට එක්රොක් වී සිටින්නේ සැබෑවටම ඇය දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක් නිසා. පිට පිටම ජනතාවගේ සම්මානයටද පත්වුනු ඇය ගැනයි මේ සටහන.

Advertisement

පසුගියදා නයනතාරා සම්මාන උළෙලක සම්මාන ද්විත්වයකටම හිමිකම් කිව්වා. මුලින්ම ඒ ගැන කතා කරමු?

Advertisement

ඔව්. ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය තවමත් අඩුවක් නැතිව එකම විදියට ලැබීම ගැන. ඉතින් මුලින්ම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනැ. ‘‘Slim Kantar People’s Award’’ 2022 වසරේ ජනතාවගේ නිළියට හිමි සම්මානයත් තාරුණ්‍යයේ නිළියට හිමි සම්මානයත් මෙවර මට ලබාගන්න හැකි වුණා. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය මට මේ ලැබුණේ 5 වෙනි වතාවට. ඉතින් මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තවම කෙටි කාලයයි. මේ ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයි. ඒ වුණත් මේ ලැබුණු අසීමිත ආදරයට, ඒ ආශිර්වාදයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මුලින්ම.

Advertisement

එකම වේදිකාවකදී සම්මාන දෙකක් ලැබෙද්දී මොකද හිතුණේ ?

Advertisement

ඒ සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැති දෙයක්. මම මේ වෙනුවෙන් නිර්දේශවීමම ලොකු ජයග්‍රහණයක් විදියට දැක්කෙ. මොකද මේ වෙනුවෙන් නිර්දේශවලා හිටියෙත් දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ අයත් එක්ක මමත් නිර්දේශවීම මම ලබපු ජයග්‍රහණයක්. ඉතින් මේ විදියට ජනතාවගේ ආදරය සම්මානයකින් ලැබෙද්දී ලොකු ආශිර්වාදයක් විදියට මම දකින්නෙ. ඒ ආදරය, මගේ වෘත්තීය ජීවිතයටත්, පෞද්ගලික ජීවිතයටත් ලොකු ශක්තියක්.

Advertisement

ජනතා සම්මානය ලැබුණෙ මේ කීවෙනි වතාවටද?

Advertisement

මට මේ වෙද්දි ජනතා සම්මානය සම්මාන උළෙල කිහිපයකදීම ලැබිලා තියෙනවා 11 වතාවක්. ඒ ආදරණීය සම්මානය ලබාගෙන තියෙනවා.

Advertisement

නයනතාරාට ජනතාව ඇයි මෙතරම් ආදරේ කරනවා ඇතේ?

Advertisement

මම හිතන්නෙ මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් සමීපයි. ඒ වගේම ඔවුන් මම සම්බන්ධ වුණු නිර්මාණ එක්ක මුල ඉඳලම එකතුවෙලා හිටියා. ඒ නිර්මාණවලට ආදරය කළා. විශේෂයෙන්ම දෙවෙනි ඉනිමේ දෙව්මිව ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳ ගත්තා. එතැනින් පසුව තමයි නයනතාරාව ගොඩක් දෙනෙක් හඳුන ගත්තෙ. අද මම කොහේ ගියත් ගෙදරින් එළියට බහිද්දී වයස් භේදයකින් තොරව ගොඩක් දෙනා ඇවිල්ලා කතා බහ කරනවා. එක වයසක කියලා නැහැ. ඒ ආදරේ හැම දෙනාගෙන්ම ලැබෙනවා. ඒ දේට මම ගොඩක් කැමතියි. ඒ වෙනසක් නැති ආදරේ තමයි සම්මානයක් විදියට මට මේ ලැබෙන්නෙ. ඉතින් මේ දේවල් සම්බන්ධව නිහතමානී සතුටක් තියෙනවා.

Advertisement

ඉතින් ඒ ආදරය කරන පිරිසට මේ දිනවල නයනතාරාව දකින්න ලැබෙන නිර්මාණ මොනවද ?

Advertisement

මම රංගනයෙන් දායකවුණු ‘‘පියාඹන මූනිස්සම්’’ මෑතකදී අවසන් වුණා. ඒ වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලබාගන්න හැකි වුණා. ඒක කොටස් අඩු ගණනක නිර්මාණයක්. තවමත් එහි මම කරපු ද්විත්ව චරිතය ගැන කතා බහ කරනවා. ඒ වගේම දෙවනි ඉනිම එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. එහි දෙව්මි චරිතයටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඒ නිර්මාණ දෙකට අමතරව තවත් නිර්මාණ කිහිපයකට මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නවා. ටෙලි නාට්‍ය දෙකක වැඩ මේ වෙද්දී අවසන් කරලා තියෙනවා. ඒ තුළින් වෙනස්ම විදියේ චරිත රංගනයකින් මගේ ප්‍රේක්ෂකයන්ට මාව දැකබලාගන්න ලැබෙයි. ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාගේ අලුත්ම වැඩක්. එහි මම කතා කරන භාෂාව දමිළ. ඉතින් ඒ රංගනය මට ලොකු අත්දැකීමක් වුණා. ඉතා නුදුරේම ඒ නිර්මාණය විකාශය වෙයි. ඉතින් මට වගේම ඒ වෙනස් චරිත රංගනය මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් වෙයි. මමත් ආදරෙන් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයන් ඒ චරිතය කොහොමද වැළඳ ගන්නෙ කියලා දැක බලාගන්න.

Advertisement

සිනමා නිර්මාණ වෙනුවෙන් දායක වුණේ නැද්ද?

Advertisement

සිනමා නිර්මාණ 4ක් වගේ අවසන් කරලා තියෙනවා. පසුගිය සතියේ තිරගතවීමට නියමිතව තිබුණ නිර්මාණයක් තිබුණා. නමුත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා ඒ තිරගතවීම කල් දාන්න සිදුවුණා. මොකද මේ පවතින තත්ත්වයත් එක්ක මිනිසුන්ට චිත්‍රපටයක් බලන්න ආර්ථික තත්ත්වයක්වත් මානසික තත්ත්වයක්වත් නැහැනෙ මේ වෙද්දී. ඒ නිසා මේ සියලුම දේ අවහිර වෙලා තියෙනවා. ඉදිරියට ඒවා දැක බලාගන්න හැකිවෙයි කියලා විශ්වාස කරනවා

Advertisement

රටට ඇතිවෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය නයනතාරාට බලපාලා තියෙන්නෙ කොහොමද?

Advertisement

ඇත්තටම මමත් වෘත්තිය වශයෙන් රංගන ශිල්පිනියක්නෙ. ඉතින් අද මේ වෙද්දි රටට ඇතිවෙලා තියෙන මේ තත්ත්වය අපේ ක්ෂේත්‍රයටත් තදින්ම බලපාලා තියෙනවා. අපේ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. ලංකාව ඇතුළෙ සියලුම ක්ෂේත්‍ර අද වෙද්දි කඩාගෙන වැටිලා තියෙන්නෙ. ඉතින් අපි හැමෝම මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා ඉන්නෙ අඩු වැඩි වශයෙන්. අපිට අවංකවම සතුටින් ඉන්න පුළුවන් යුගයක් නෙවෙයි මේ උදාවෙලා තියෙන්නෙ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටිලා. ඒක ඇත්තටම පොඩි ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. අධ්‍යාපනය පැත්තෙන් ගොඩක් පස්සට ගිහින්. ඒ වගේම තරුණ වයසෙ ඉන්න අපටත් මේ තත්ත්වය ගොඩක් බලපාලා තියෙනවා. මේ කාලෙදි අපි ජීවිතේ සැලසුම් කරනවා. ඒ සියල්ල කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වගේම අපිත් තවම ඉගෙන ගන්නවනෙ. උසස් අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නෙ. ඉතින් උසස් අධ්‍යාපනය පැත්තෙන් හෝ වෘත්තිමය පැත්තෙන් අපි දෙයක් කරන්න ඉන්නවනම් ඒ ඔක්කොම මේ වෙද්දි කරගන්න බැරිවෙලා තියෙනවා. අපිට ලෝකය එක්ක ගනුදෙනු කරන්න කාලයක් ආවොත් අපි කොයිතරම් පිටිපසින්ද ඉන්නෙ කියන දේ එතකොට දැනෙයි. ඒ නිසා මම නම් ප්‍රාර්ථනා කරන්නෙ බලාපොරොත්තු වෙන්නෙ අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම මේ හැමදේම හැදෙන්න ඕනැ. ලංකාව කියන්නෙ සුන්දර රටක්, පින් බිමක්. ඉතින් මේ සුන්දර රටට හොඳ පාලනයක් ලැබිලා හැමදේම හොඳ විදියට සිද්ධ වෙන මාතෘ භූමියක් බිහි වෙන්න කියලා හදවතින්ම කියන්නෙ.

Advertisement

නයනතාරා රංගනය පැත්තෙන්මද ඉදිරියට යන්න කැමති?

Advertisement

ඇත්තටම දැනට මගේ වෘත්තිය රංගනය තමයි. නමුත් මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්නෙ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව. කොහොමත් මම කොයි පැත්තෙන් වුණත් ඉගෙන ගන්න එක කිසිම වෙලාවක නතර කරන්නෙ නැහැ. මොන ක්ෂේත්‍රයේ වුණත් ජීවිත කාලෙටම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ ඉගෙනීම කවදාවත් අතඅරින්න හොඳ නැහැ. පොත පතෙන් විතරක් නෙමෙයි, සමාජයෙනුත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම අධ්‍යාපනය කියන දේ කවදාවත් අතඅරින්නෙ නැහැ. දිගටම ඒ දේවල් කරගෙන යනවා. දැනට නම් කලාව තමයි මූලිකවම කරගෙන යන්නෙ.

Advertisement

මේ දේවල්වලට ශක්තියක් වෙලා ඉන්නෙ කව්ද?

Advertisement

මූලිකම ශක්තිය මගෙ අම්මා තමයි. ඇත්තටම අම්මා නැත්නම් මොනවා කරන්නද කියලා මටම තේරෙන්නෙ නැහැ. ඒක අම්මත් මට කියනවා. අම්මා ළඟ නැත්නම් මොනවා කර ගනීද කියලා. ඇත්තටම අම්මා ඇතුළු ගෙදර අය තමයි මගේ මේ ගමන් මගට ලොකුම ශක්තිය වෙලා ළඟින්ම ඉන්නෙ. ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනැ.

Advertisement

ධනු විජේරත්න

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *