අපේ තාත්තිගේ සිහිනය වුණේ මම රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය හොඳ නිළියක වෙනවා දැකීමටයි

174

නීල පබළු නාට්‍යයේ අමායා රැල්ල වෙරළට ආදරෙයි – යෙනුකි සහ මහවිරු පණ්ඩු නාට්‍යයේ භූමි කුමරිය ලෙස මේ දිනවල අපට හමුවන ඇය දසුනි සෙනෙත්මායමේ විදියට අපට හමුවන ලස්සන ඇය සමඟ සුන්දර කතාබහකට එක්වෙමු.

Advertisement

දසුනි කියන්නද? සෙනෙත්මා කියන්නද

Advertisement

දසුනි කියන්න.

Advertisement

ඉතින් දසුනි ගැන අපට කියන්නකො

Advertisement

මුලින්ම මම මේ ෆීල්ඩ් එකට ආවේ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 රියලටි තරගාවලියෙන්. ඉන් පස්සේ සීසන් – 5 වෙනුවෙන් ගියා. එහිදී අවසන් 5 දෙනා අතරට ආවා. ඉන්පසුව පුංචි කුස්සිය පුංචි සත්සර සමනළ සිරස, වැඩ සටහන්වලට දායක වුණා. ඒ අතරේ රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටියා. ඒ විදියට දිගටම වැඩ කරගෙන ආවා.

Advertisement

දසුනිගේ ගම?

Advertisement

ගාල්ල

Advertisement

ඉගන ගත්තේ?

Advertisement

ගාල්ලේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්.

Advertisement

දසුනිගේ පවුලේ තොරතුරු එහෙම

Advertisement

මට අයියයි, නංගිලා දෙන්නෙකුයි ඉන්නවා.  අම්මයි, මායි, අයියයි, නංගිලා දෙන්නයි අපි හරි එකමුතු පවුලක්. මම කලා අංශයෙන් මේ වැඩ කරන්නේ ඉගෙන ගන්නා අතරවාරයේදීයි.

Advertisement

මොන අංශයෙන්ද ඉගෙන ගන්නේ?

Advertisement

පුද්ගලික අපේක්ෂිකාවක ලෙස සා/පෙළට ලිව්වේ මේ අවුරුද්දේ.

Advertisement

දසුනිගේ බලාපොරොත්තුව

Advertisement

අපේ තාත්තිගේ සිහිනය වුණේ මම රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය හොඳ නිළියක වෙනවා දැකීමටයි. ඒ සිහිනය සැබෑ කර ගන්න යන ගමනක්. ඉගෙනීමෙන් දුර යන්නත් ආසයි.

Advertisement

මේ දිනවල දසුනි රඟපාන චරිත ගැන එකින් එක විස්තර කරමු.

Advertisement

නීල පබළු නාට්‍යයේ අමායාගේ චරිතය රඟපාන්නෙ මම. අමායා කියන්නේ අභිමන්ගේ අම්මාගේ ආරාධනයකට අභිමන්ගේ කම්පැනි එක වැටෙන්න යනකොට ඒක ගොඩ ගන්න උදවු කරන්න ආව තරුණියක්. ඉතින් එයා අභිමන් එක්ක බොහෝම මිත්‍රශීලීව ඒ වැඩ කරගෙන යනවා.

Advertisement

රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන සත්‍යා (අමන්දා ජයරත්න) අක්කගේ හොඳම යෙහෙළිය ලෙස රඟපාන්නේ මම. ඒකෙ මගේ චරිතයේ නම යෙනුකි. සත්‍යාගේ දුකේදී වගේම සැපේදීත් ළඟින්ම ඉන්න මිතුරිය ඇයයි. යෙනුකි ටිකක් දඟකාර චරිතයක්.

Advertisement

මහවිරු පණ්ඩු නාට්‍යයේ මම රඟපාන්නේ භූමි කුමරියගේ චරිතය.  භූමි කුමරියගේ චරිතය කරන්නේ මම.

Advertisement

දසුනි ටෙලි නාට්‍යවල විතරද රඟපාන්නේ

Advertisement

මේ වන විට ෆිල්ම්ස් දෙකක රඟපෑවා. තව ෆිල්ම් එකක ෂූටිං වලට යනවා. රජිත හිරාන් අයියගේ රයිඩර් ෆිල්ම් එකේ රොෂාන් රණවන අයියගේ පෙම්වතිය ලෙස රඟපානවා.  ඒකේ කුසල් මධුරංග අයියගේ බිරිඳ ලෙස රඟපාන්නේ මම.

Advertisement

පොඩි වයසට වැඩ ගොඩක් කරලා නේද?

Advertisement

තවත් වැඩ ලැබුණා. ඒත් අධ්‍යාපන වැඩ එක්ක සීමා කරන්න සිද්ධ වුණා. මුලින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවේ රමේෂ් ටොම් සර්ගේ සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ. ඒකේ මම රඟපෑවේ රුචිරා කුමරිය ලෙස.

Advertisement

රඟපෑම හැර දසුනි වෙනත් වෘත්තියක් ගැන හිතුවෙම නැද්ද?

Advertisement

ඇත්තම කිව්වොත් රංගනයට වඩා මම ඉගෙනීමට දක්ෂයි. අධ්‍යාපනයෙන් ඉහළට යාම අරමුණු කර ගත්තා. අදත් ඒ ගැන හිතලා තමයි කටයුතු කරන්නේ. ඒත් තාත්තාගේ සිහිනය සැබෑ කරන්න මට තිබුණේ ලොකු ආසාවක්.

Advertisement

දසුනි මොන විදියේ කෙනෙක්ද?

Advertisement

දසුනි කියන්නේ හරිම අහිංසක කෙනෙක්. නංගිලා දෙන්නට පවා බය කෙනෙක්.

Advertisement

අධ්‍යාපනයෙන් මොන වගේ දුරක් යන්නද හිතන්නේ?

Advertisement

අධ්‍යාපනය කීයටවත් අත්හරින්නේ නැහැ. අධ්‍යාපනයෙන් හැකිතාක් දුරට යන්න උත්සාහ ගන්නවා. මේ රඟපෑමේ වැඩවලට අමතරව අම්මගේ ගෙදර වැඩවලටයි නංගිලා දෙන්නගේ අධ්‍යාපන වැඩවලටයි උදවු කරනවා.

Advertisement

රඟපාන අංශය හොඳද?

Advertisement

තමන් හරියට හිටියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට මගේ අම්මා මේ සෑම දෙයකටම යද්දී එනවා. ඒ නැතත් තමන් හැමෝටම ගරු කරළා හිටියොත් ගෞරවනීයව මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවනි. මට අම්මගේ සපෝට් එක රැකවරණය තියෙන නිසා  ඉදිරියට යන්න පුළුවනි.

Advertisement

දසුනිගේ ජීවිතේ අරමුණු මොන වගේද?

Advertisement

ලොකු ලොකු බලාපොරොත්තු මට නැහැ. අම්මා අයියා – නංගිලා දෙන්නා සහ පවුලේ හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීම එකම අරමුණයි.

Advertisement

රංගනය දැනෙන්නේ මොන විදියටද?

Advertisement

මම දකින විදිය එක්ක අපට ජීවිතයට අත්දැකීම් ලබා ගන්න පුළුවන් හොඳ විෂයයක්. හොඳ අභ්‍යාසයක්. අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒවාට මුහුණ දීගෙන ජීවිතයට අත්දැකීම් එකතු කර ගන්න පුළුවන්.

Advertisement

දසුනිගේ රසිකත්වය මොනවගේද?

Advertisement

වෙලාව ලැබෙන විදියට පොත්පත් කියනවා. ෆිල්ම්ස් බලනවා. තේරීමක් නැහැ. විනෝදාංශයක් ලෙස කරන්නේ නවකතා කියවීම සහ පවුලේ අය එක්ක කාලය ගත කිරීමයි. කුඩා කාලයේ ඉඳලම මගේ විනෝදාංශය වුණේ නර්තනය. අදටත් ඉතින් නර්තනයම තමයි.

Advertisement

ලිට්ල් ස්ටාර් තරගයට එදා දසුනි එනකොට අවුරුදු 3ක් කිව්වනේ, ඒ මතකය ගැන කිව්වොත්?

Advertisement

ඒ ගැන අපේ අම්මගෙන් ඇහුවොත් කියාවි.

Advertisement

අම්මගේ නම?

Advertisement

සුරේඛා අරෝෂිනි.

Advertisement

දසුනි දුව ගැන ඔබට තියෙන හොඳම මතකය මොකක්ද?

Advertisement

චූටි කාලයේ ඉඳලාම දුව නර්තනයට දක්ෂයි. ඒක එයාගේ ආත්මයෙන්ම ගෙනා දෙයක්. මේ වගේ දරුවෙක් ලැබීමම මගේ පිනක්. හරිම නිහතමානී දරුවෙක්. මේ වයසට ගෙදර වැඩටත් උදවු කරනවා. මට අසනීපයක් එහෙම වුණාම ගෙදර කෑම ටික පවා හදලා නංගිලා දෙන්නයි අයියවයි බලා ගන්නේ මෙයා. මෙයා සෑම දෙයකටම දක්ෂයි. චුට්ටක් ඇත්නම් අඬනවා. කාගෙවත් දුකක් එයාට දරන්න බැහැ. හරිම සංවේදී කෙනෙක්. ගෙදර හදන ඕනෑ දෙයක් කන්න කැමතියි. කිසි කරදරයක් නැති දුවෙක්. මේ දරුවෝ ඔක්කොම හොඳයි. මෙයාගේ අයියා දොස්තර කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඉගෙන ගන්නවා. ලොකු පුතාගේ නම පසිදු. අනෙක් දුවලා දෙන්නා, ඉසුරි සහ රනුමි.

Advertisement

සටහන/ඡායාරූපසඳුන් ගමගේ

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *