දළදා පෙරහරේ කප් සිටුවීම අද

138

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහ දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය අද (29) අලුයම් කාලයේ සුබ නැකතින් සිදු කර තිබෙනවා.

2022 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ලැබෙනවා.

මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වැනිදා ආරම්භ වනවා.

රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *