මම එක පුතෙක් දේශපාලනඥයෙක් කරනවා.අනිත් කෙනා යුධහමුදා නිළධාරියෙක් කරනවා – මේක බලන අයට කේන්ති යයිද දන්නේ නෑ

109

ශිරෝමිකා ප්‍රනාන්දු කියන්නේ ප්‍රේක්ෂකයාව හාස්‍යට නංවන රංගන ශිල්පිනීන් අතලොස්සක් අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන් ලබා ගන්න කෙනෙක්.

Advertisement

පුංචි තිරය වගේම වේදිකාවේත් උපන් හපන්කම් දක්වන ශිරෝමිකා ප්‍රනාන්දු ප්‍රහසන රංගන ශිල්පිනියක් විදියට අපි අතරට එනවා.

Advertisement

ඉතින් කලා ජීවිතය ඒ විදියට බලද්දී ඇගේ පෞද්ගලික ජීවිතයේ ආදරණීය සැමියායි දරුවො දෙන්නයි එක්ක ඇය සතුටින් කාලය ගත කරන්නේ.

Advertisement

ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනී ශිරෝමිකා විවාහ වෙලා ඉන්න කෙනා මේ වන විට විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක්.

Advertisement

පසුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා ශිරෝමිකා මේ විදියට අදහස් දක්වලා තිබුණා.

Advertisement

අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලට කැමති ක්ෂේත්‍රයකට යන්න ඉඩ දීලා තියෙන්නේ. පුතා කැමැති පයලට් කෙනෙක් වෙන්න. ඉතිං එයාට උපරිම සහයෝගය අපි දෙනවා. මම හරි කැමතියි මට තව පුතාලා ඉන්නවනම් දේශපාලනඥයෙක් කරන්න. බැනුම් අහන්න හරි එහෙම කරන්න කැමතියි. අනිත් කෙනා යුධහමුදා නිළධාරියෙක් කරන්න. තවත් ඉන්නවනම් රංගන ශිල්පියෙක් කරන්න. අපේ අම්මගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා මෙයාලව හදන්න. ඉස්සර දුවට තාත්ත නිවාඩු ඇවිල්ලා ගියාම හැමදාම උණ ගැනෙනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා සතුටු කරවලා ගියාම ටික වෙලාවකින් හොඳ වෙනවා. අදටත් දුවට තාත්තා නැතුව ඉන්න හරි අමාරුයි. දුව ගොඩක් ආදරේ තාත්තට. පුතා ගොඩක් ආදරේ මට. අර කියමනක් තියෙනවානෙ දුවල ආදරේ තාත්තට පුතාලා ආදරේ අම්මට කියලා.”

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *