Latest Articles
Search

මිනිස්සු අවුස්සන්න විලාසිතා නොකළ යුතුයි කියලයි මගේ නම් හැඟීම-උපේක්ෂා විලාසිතා ගැන කියූ දේ

243

උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ නම  වුණත් බොහෝ දෙනෙක් අදටත් ඇයව හඳුන්වන්නේ ”‍පබා”‍ කියන ආදරණීය නාමයෙන්. රඟ දක්වන සෑම චරිතයකින් ම ඔබේ හදවතේ මතකයක් රඳන චරිතාංග නිළියක් වන ඇය සමඟ මෙවර ෆැෂන්  පිටුව සරසන්නට අපි අදහස් කළෙමු.

Advertisement

ඉතින් කොහොමද ?

Advertisement

රටේ පවතින තත්ත්වයත් සමග රඟපෑම් කටයුතු වල වැඩ තාවකාලිකව නතර වී තිබෙනවා.ඒ නිසාම දුවත් එක්ක වැඩි වේලාවක් සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

Advertisement

ඔබත් විලාසිතා වලට කැමති කෙනෙක් ද ?

Advertisement

මෙහෙමයි ,අලු‍ත් වෙන වෙනස් වන විලාසිතා හැම එකක්ම  කරන්න නොගියාට මම හරිම ආසයි ලස්සනට පිළිවෙලට පිරිසිදුව අඳින්න. ඒ වගේම මොන ඇඳුම ඇන්දත් මට වටිනාකමක් එකතු වෙනවා ද කියන එක මම සීයට දෙසීයක් හිතන කෙනෙක්.

Advertisement

විලාසිතාවක් ලෙස ඔබ දකින්නේ ?

Advertisement

මම හිතන්නේ විලාසිතා කියන්නේ සාපේක්ෂ දෙයක්. එය අපගේ රුචිකත්වය ,පෞරුෂත්වය අනුව වෙනස් වෙන්න පුළුවන් .

Advertisement

ඔබ විලාසිතාවක් කිරීමේදී පොදුවේ සැලකිලිමත් වෙන කරුණු මොනවාද ?

Advertisement

පළමු වන කාරණය සරල බවයි,පහසුවයි .මොන තරම් වටින ඇඳුමක් වුණත් ඇඳගෙන ඉන්නකොට ශරීරය ට අපහසු වක්නම් දැනෙන්නේ එයින් වැඩක් නැහැ. ඊට අමතරව ශරීරයේ හැඩය ගැනත් ඇඳුමක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් වෙනවා..මම හරිම ආසයි කාන්තා ලාලිත්‍යය ඉස්මතු වෙන ආකාරයේ විලාසිතා කරන්න .බොරුවට ගණන් දීලා විලාසිතා කරන පුරුද්දක් මට නැහැ ඒ නිසා මගේ  ළඟ තියෙන පරණ ඇඳුම් ,අවපැහැ වුණු අන්ඩ, අඬ දාපු ඇඳුම් ,පැල්ලම් වැදුනු ඇඳුම් ,විතරක් නෙවෙයි  ඉරිච්ච ඇඳුමක් වුණත් මට ඇඳගෙන යන්න හිතුනොත් මම ඇදගෙන යනවා. ඒක මට මදිපුංචිකමක් කියල හිතෙන්නෙ නැහැ .විලාසිතා කියන්නේ හරිම සරල සාමාන්‍ය දෙයක්. ඒ නිසා විලාසිතා හරහා අභිමානයක් හෝ ආඩම්බරයක් ගොඩනගා ගැනීමට මම කොහෙත්ම උත්සාහ කරන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් මම රඟපෑමෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක් ඒ නිසා විලාසිතාවලින් ලොකුවට ආකර්ෂණයක්, අවධානයක් ලබා ගැනීමට අවශ්ය වෙන්නේ නැහැ.

Advertisement

ඔබ ශරීරයට වඩාත් ම ගැළපෙන  විලාසිතාව ?

Advertisement

ගවුම් ඇන්දහම හැමදාමත් වගේ හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.පිරිමි පාර්ශවයේ ආකර්ෂණයත්, කාන්තා පාර්ශවයේ ඇගයීමත් නොඅඩුව ලබනවා .

Advertisement

ඔබ කැමතිම පාට?

Advertisement

තද පාට  වලට මම ගොඩක් කැමතියි. ඇන්දහම ශරීරයේ හැඩතල සමබරව පේන්න  මට  පාට ගොඩක් උදව් වෙනවා .

Advertisement

ජීවිතයේ ලස්සනටම සැරසුණු දවස?

Advertisement

මගේ දෙවැනි විවාහා උත්සවය  වෙනුවෙන් මාව මනාලියක් ලෙස හැඩ වුණු දවසට මම හරිම ආසයි .එදා මාව  ඇන්දුවේ රූපලාවන්‍ය ශිල්පි ධනංජය බණ්ඩාර මහතා.ඊට අමතරව මෑතකදී ෆොටෝ ශුට් එකක ට ඇඳපු විදියටත් මම හරිම ආසයි.

Advertisement

ඔබ කරන විලාසිතාවට  ගැළපීමක් ගැන හිතන්නේ කොහොමද?

Advertisement

එදිනෙදා ජීවිතයෙදි නම් මම බොහොම සරල විදිහට අඳින කෙනෙක්.  පහසුවයි ,සරල බව ගැන තමයි  වැඩිපුර ම හිතන්නේ. රත්තරන් බඩු උනත් මම හරිම අඩුවෙන් පළඳින කෙනෙක්. විශේෂ අවස්ථාවකට සහභාගී වෙනවා නම් හරි රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙනවා නම් විලාසිතා ගැන වගේම පළඳින ආභරණ ගැන, දාන සපත්තු ගැන  ඉඳලම සැලසුම් කරනවා .කුමන ආකාරයට විලාසිතා කළත් මේකප් එකක් දාලා කොණ්ඩෙ සකස් කර ගැනීම ආදී සෑම දේම කරගන්නේ මමමයි .

Advertisement

කරන විලාසිතා අනුව කෙනෙක් මනින්න පුලු‍වන්ද ? බැහැ නේද ?

Advertisement

පොදුවේ මම දකින්නේ විලාසිතා වලට මහා පරිමාණයෙන් වියදම් කරන්නෙත් විලාසිතාවලින් වටිනාකමක් තම ජීවිතයට ගොඩනඟා ගන්න උත්සාහ කරන අය .සමහර විට උගත්කම තියෙන, වෘත්තිය මට්ටමෙන් ඉහළ සුදුසුකම් තියෙන, ධනපති පන්ති වල ඉන්න බොහෝ දෙනෙක් විලාසිතා කිරීමේ දී අංක එකට සලකා බලන්නේ චාම් බව සහ සරල බවයි. එම නිසා විලාසිතා වලින් කෙනෙක්ව මනින්න කොහෙත්ම බැහැ.

Advertisement

ඔබ විලාසිතා කිරීමේ දී යම් කෙනෙකු අනුගමනය කරනවාද?

Advertisement

මම කාවත් කොපි කරන්නේ නැහැ . බොහෝ වෙලාවට මම විලාසිතා කරන්නේ මට ගැළපෙන විදිහට .මමම  තෝරා ගත්ත විදිහට.  මටම ආවේණික විදිහට.

Advertisement

නමුත් ඔබ කරන විලාසිතා ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්  අනුගමනය කරනවා නේද ?

Advertisement

ඔව්.මග තොටේ දී ඒ වගේ ආදරණීය දේවල් අහන්න දකින්න ලැබෙනවා. පබා ටෙලි නාට්‍යයෙ වගේ ම රවුම් කඬේ ,චංචලා සින්දු වල දී මම ඇඳපු චීත්ත ගවුම් වලට   එදා වගේම අදත් තරුණියන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා .සමහර  වෙලාවට ඒ විදිහටම ඇඳුම් මහලා ,මං විදිහටම කොණ්ඩෙ සකස් කරල මාව අනුකරණය කරන බව මුණගැහුනම පවා කියා තියෙනවා . සමහර අය මම කරන විලාසිතා ඡායාරූප ගත කරලා ඔවුන් ඒ විදිහටම ඇඳුම් මහගෙන අඳින අවස්තා ත් මම දැකලා තියෙනවා ….ඒ දේවල් දකිද්දි ඇත්තටම මට සතුටුයි ..

Advertisement

ලස්සනට ගැලපෙන විදිහට ඇඳුමක් ඇන්දාම හිතට කොයි වගේ දෙයක්ද දැනෙන්නේ ?

Advertisement

ප්‍රසිද්ධියේ නොකිව්වාට පුංචි ආත්ම අභිමානයක්, පුංචි ආත්ම තෘප්තියක් හිතට දැනෙනවා ….ඒක සමහර වෙලාවට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.

Advertisement

ඔබ කරන විලාසිතා ඔබේ දියණිය අගය කරන්නේ කොහොමද ?

Advertisement

ඇයට තාම වයස අවුරුදු පහයි නමුත් විලාසිතා ගැන හොඳට දන්නවා මම ලස්සනට ඇඳුමක් ඇඳලා පළවෙනි ක​ෙමන්ට් එක බලාපොරොත්තු වෙන්නේ ඇගෙන් .ඇය මගේ විලාසිතාව අගය කළේ නැත්නම් මගේ හිතට හරි නෑ වගේ .

Advertisement

පුංචි කාලේදී ඔබ විලාසිතා කරපු විදිහ ඔබේ මතකයේ තියෙන්නේ කොහොමද ?

Advertisement

මම ඉපදෙන්නේ කුවේට් රටේ. අධ්‍යාපනය ලබන්නේ ඉන්දියාවේ. මගේ තාත්තා දමිළ කෙනෙක්. අම්මා සිංහල  බෞද්ධ කෙනෙක්. ඒ නිසාම රටවල් වල සංස්කෘතින් වල තියෙන ආභාෂයන් සිරිත් විරිත් පුංචි කාලේ ඉඳලම මට නොඅඩුව ලැබුණා. ඉන්දියාවේ වැඩි කාලයක් හිටපු නිසා මම වැඩිපුරම අදටත් ආස ඉන්දියානු විලාසිතා වලට අම්මත් පුංචි කාලේ ඉඳලම මට හොඳට වියදම් කරලා ඇන්දුවා. එක වගේ ඇඳුම් දෙකක් කවදාවත් මට තිබිලා නැහැ. හැම පාටකම වගේ ඇඳුම් තිබුණා. කොන්ඩ කට්ටෙ  ඉඳලා සෙරෙප්පු දෙක දක්වාම අන්දන ඇඳුමට ගැලපීම අම්මා මට කලා. කරාබු ,මාල ,වළලු‍, පාද සලං , ඕන තරම් මට තිබුණා .ටික ටික ලොකු වෙනකොට මේකප් බඩු වලට මම ගොඩක් ආස කලා ….ඒවත් අම්මා මට අඩුවක් නැතුව ගෙනත් දුන්නා .සමහර දවසට මේකප් තට්ටු පිටින් ගාගෙන ,ලිප්ස්ටික් ගාගෙන ලස්සනට ඇඳලා කණ්නාඩි ඉස්සරහට වෙලා දවසේ වැඩි වේලාවක් ගත කරපු දවස් ඕනෑ තරම් තිබුණා. ඇත්තටම ගැහැනු ළමයි  දෙමව්පියන් ළඟ ඉඳී ලස්සනට අඳින්න ඕනේ. ළමා කාලය ,තරුණ කාලය ලස්සනට ගත කරන්න ඕනේ .එහෙම නැති වුනොත් වෙන්නේ ලොකු වෙලා නොගැළපෙන විලාසිතා කරලා කාගේත් හිනාවට ලක් වෙන එක.

Advertisement

විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට එහෙම   පත් වෙලා නැද්ද?

Advertisement

අපොයි  ඕන තරම් තියෙනවා .එක සැරයක් දෙරණ සම්මාන උළෙලකට ගිහින් ඉඳගෙන ඉන්නකොට මට තේරුණා මගේ සපත්තුවේ අඩිය ගැලවිගෙන එනවා කියලා. ඊට පස්සේ මම දන්න කෙනෙකුට කියලා   රෙදිපටි කෑල්ලක් ඉල්ලගෙන සපත්තුව රෙදිපටි කෑල්ලකින් ඔතාගෙන  උත්සවය ඉවර  වෙනතුරු ඉඳලා ගෙදර ආවා …

Advertisement

විලාසිතා ගැන ඔබ අනුගමනය කරන දේ කෙටියෙන්ම කිව්වොත් ?

Advertisement

මිනිස්සු අවුස්සන්න විලාසිතා නොකළ යුතුයි කියලයි මගේ නම් හැඟීම. විලාසිතාවකින් සැබෑවටම විය යුත්තේ අපට වටිනාකමක් එක්කර ගැනීම. එසේ නොමැතිව ශෘංගාරය මතු වෙන්න විලාසිතා කරලා අමාරුවෙ වැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

Advertisement

අසුන්තා එදිරිසූරිය / ඡායාරූප – සජීව ලක්ෂාන්

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *