අද සිට බයික්වලට 1500යි. ත්‍රීවීල්වලට 2000යි. වාහනවලට 7000යි. බැරිනම් තෙල් නෑ

372

ඉදිරි සතියේදී ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වනතුරු යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 1,500ක්ද, ත්‍රීරෝද රථයක් සඳහා උපරිම රුපියල් 2,000ක්ද, අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයක් යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට ද ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස්වලට ඉන්ධන ලබානොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදානොදීමට ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *