Latest Articles
Search

පවතින තත්වය දින කිහිපයක් ඇතුලත විසදන බව ජනපති කියයි

391

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

Advertisement

ඒ අනුව මේ වනවිට රටේ පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Advertisement

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වූ අතර, ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇති අතර ඉතාම ධනවත් රටවල් පවා පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් සිටින බව ජනාධිපතිවරයා සදහන් කරනවා.

Advertisement

එහිදී මුදල් සංචිතයක් නොමැති අප වැනි රටක ආර්ථිකයට එම තත්ත්වය ඉතා තදින් බලපානු ඇති බවත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

Advertisement

එමෙන්ම ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Advertisement

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.

Advertisement

Advertisement

Source:Dawasa

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *