BREAKING NEWS
Search

අගමැති ඉල්ලා අස්වීම ගැන තීරණය අද

363
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඊයේ (08) ප්‍රකාශ කළේ අද (09) හෝ ඉදිරි දිනක දී අග්‍රාමාත්‍යවරයා විසින්ම ඒ පිළිබඳ අවසන් තීන්දුව දැනුම් දෙනු ඇති බවයි.

කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබදව තීරණය කිරීම මෙම රැස්වීමේදී ප්‍රමුඛ කාර්ය වනු ඇති.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේදී පැවැත්වූ විරෝධතා ඇතුළු රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී සංවාදයට බදුන්වීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය ආණ්ඩුව භාරගන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් පමණක් බවයි.

Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *