Latest Articles
Search

එදා එකට හිටපු මිනිස්සු බෙදා වෙන් කෙරුවෙ මුන්මයි- විරෝධතාවට එක්ව හැඟුම්බරවූ ටී.එම්.ජයරත්නයන්

197

ගාලුමුවදොර දී පැවැත්වෙන දැවැන්ත ජන අරගලය අද (16) පැවැත්වෙන්නේ අඛණ්ඩව අටවන දිනටයි.

Advertisement

ආණ්ඩුවට විරෝධය පළකරමින් පසුගිය 09 වනදා තරුණ පිරිස එක්ව මෙම ජන අරගලය ආරම්භ කළ අතර මේ වනවිට ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා.

Advertisement

මේ අතර කොළඹ, ගාලු මුවදොර පැවැත්වෙන ආණ්ඩු විරෝධි අරගලයට මෙරට ප්‍රවීණතම ගායන ශිල්පියෙකු ටී.එම් ජයරත්න මහතාද ඊයේ සහභාගී වී තිබෙනවා.

Advertisement

මිනිසුන් පාරට බැස ඇත්තේ දුක් විඳීමේ උපරිම සීමාවට දුක විඳිමෙන් පසුව බවත් හැකි ඉක්මනින් මෙහි වෙනසක් සිදුවිය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

Advertisement

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ,

Advertisement

“පක්ෂ පාට නැති, ජාතිභේද නැති, කුළ මල භේද කිසිවක් කොතනකවත් නැති මහජනතාව වෙනුවෙන් හඬක් නගන්නයි අපි ආවේ. මේ මහජනතාවටයි මගේ ප්‍රණාමය. ඇයි මේ ඇවිල්ලා ඉන්නේ දුක් විඳගෙන දරුමල්ලො එක්ක මේ ටෙන්ට් අස්සේ ඇයි මේ ඇවිල්ලා ඉන්නේ උපරිම විදිහට දුක විඳලා විඳලා බැරිම තැන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම මේ ඇවිත් ඉන්න ජනතාවට මගේ ප්‍රණාමය මම පුදකරනවාමේ කෑ ගහන්නේ ඒ වෙනස උදෙසා තමයි කෑගැහුවට අපි දන්නේ නැ ඉතිං තවමත් නිහඬයි කියන්න දෙයක් නෑ ඉතිං. මට කියන්න තියන්නේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ කියලා තමයි. මුන්ට කාටවත් ඇහෙන්නේ නෑ මේවා ඒ නිසා දේවාලේ දොරවල් ඇරගෙන එළියට එන්න දැන්. මේ දුක් විඳින්නේ කෝටිගනන් මිනිස්සු. දරු මල්ලෝ එක්ක මෙතැනට ඇවිල්ලා ඉන්නේ සැප විඳින්න නෙමෙයි.” යනුවෙන්.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *