Latest Articles
Search

මම දාන පොස්ට් නොබලා ඉන්න- අරගලය මැද දැමු ෆොටෝවක් නිසා කතාබහට ලක් වූ ශනුද්රි

410

“මම දාන posts/ stories බලන සමහර අය අපහසුතාවයකට පත් වුනා නම්, සමාවෙන්න. මින්පසු නොබල ඉන්න.” කලාකරුවෝ රැසක් දැන් අරගල බිමට බැහැලා ඉන්න වග අපිට පැහැදිලිවම දකින්න ලැබෙනවා. විවිධ සටන් පාඨ ඔස්සේ ඔවුනුත් තමන්ගේ මතය ප්‍රකාශ කරන අයුරු දකින්න පුළුවන්. සමාජ මාධ්‍ය කියන්නෙ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න පුළුවන් හොඳ තැනක්නෙ. ඉතින් බොහෝදෙනා මේ ඉඩත් ප්‍රයෝජනයට අරන් තමන්ගෙ මතය ඉදිරිපත් කරන අයුරු දකින්න ලැබෙනවා. ප්‍රියසාද් පවුලේ බාලම දෝණිත් මේ අරගලයේ කොටස්කරුවෙක් බවට පත්වෙලා.

Advertisement

ඇය මෙලෙස සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

Advertisement

ඊයේ දවස ගැන හරි සතුටුයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වශයන් පාරට බැස්සේ එකම අරමුනින්. හැමෝම මහන්සි වෙන තරමට ඇත්තටම මේ රටේ වෙනසක් වෙනවනම් මට ඕනෙත් එච්චරයි. මම ආවෙත් ඒ නිසයි. මගේ social media මම පුලුවන් විදියට use කරල මිනිස්සුන්ව මේ දේවල් ගැන  දැනුවත් කරනවා. Photos ගත්ත එකම කලාකරුවො අපි නෙමෙයි. ඒ ඕනම දෙයක් මට මගේ social media වල දාන්න අයිතිය තියනවා ඔයාට වගේම. මට ඇත්තටම ඊයෙ හිටිය සෙනග ගැන හරි ආඩම්බරයි. ඒත් මේ වෙන දේවල් වලට අමතරව වෙන අයට ගල් ගහන එකට මම විතරක් නෙමෙයි කවුරුත් අකමැතියි. ඔයාලගෙ අරමුන වෙනස් කරගන්න එපා. අපිට මුකුත් කිව්ව කියල රට වෙනස් වෙන්නෙ නම් නෑ. Stay focussed. මම දාන posts/ stories බලන සමහර අය අපහසුතාවයකට පත් වුනා නම්, සමාවෙන්න. මින්පසු නොබල ඉන්න. මට පුලුවන් උපරිමයෙන් මම රට වෙනුවෙන් පෙනි සිටිනවා.

Advertisement

Source:සාරවිට

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *