ඇමැති මණ්ඩලය පත් කිරීමත් සදුදාට කල්යයි

141

කැබිනට් මණ්ඩලයෙ ඉතිරි පුරප්පාඩු පිරවීම තවදුරටත් කල් යන බව වාර්තා වනවා.

Advertisement

එම පුරප්පාඩු පිරවීම ඊයේ (8) සිදු කරන බවට ප්‍රවෘත්ති පළ වුවත් ඒ සිදු වූයේ නැහැ.

Advertisement

ස්වාධීන මන්ත්‍රී යෝජනා

Advertisement

ඊයේ (8) පුරප්පාඩුව තිබෙන ඇමති දුර සඳහා මහජන නියෝජිතයින් පත් නොකළේ ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් ලබාදුන් යෝජනාවලියක් ජනපතිවරයා විසින් සැලකිල්ලට ගැනීම නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Advertisement

මේ වන විට ඇමති මණ්ඩලය ඉල්ලා අස් වී දින 6 ක් ගෙවී අවසන්.

Advertisement

දැනගන්න තිබෙන තොරතුරු වලට අනුව එළඹෙන 11 වැනි සඳුදා පුරප්පාඩුව තිබෙන ඇමති ධූර සඳහා මහජන නියෝජිතයින් පත් වීමට නියමිතයි.

Advertisement

අර්බුදකාරී අංශ

Advertisement

විශේෂයෙන්ම අර්බුදයකට ලක්ව තිබෙන විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර සඳහා වහාම ඒ පිළිබඳ දැනුමක් ඇති ඇමැතිවරයකු පත් කරන ලෙස එම ක්ෂේත්‍ර වලින් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Advertisement

ඇමැති මණ්ඩලය ඉල්ලා අස් වූ දිනට පසු දින එනම් ඉකුත් 4 වෙනිදා නව ඇමතිවරු 4 දෙනෙකු පමණක් දිවුරුම් දුන්නා.

Advertisement

ඒ අතරින් මුදල් ඇමතිවරයා ලෙස පත් වූ අලි සබ්රි මහතා ඉකුත් අඟහරුවාදා (5) ඉල්ලා අස් වන බව දැනුම් දුන්නද ඔහු තවදුරටත් එම ධූරයේ රැඳී සිටිනවා.

Advertisement

ඒ ජනපතිවරයාගේ ඉල්ලීම මත බවයි ඔහු ඊයේ (8) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *