Latest Articles
Search

ලස්සන කෙල්ලෙක් බැදගෙන ධනවතෙක් වෙන රහස මෙන්න

259

‘ඔය මනස්සයට හරිගියේ විවාහයෙන් පස්සේ’ මෙවැනි කතා විටින් විට සමාජය තුළින් අසන්නට ඔබටත් අවස්ථාව ලැබී ඇති. එසේත් නැතහොත් එවැනි අත්දැකීමක් ඔබටත් තිබිය හැකියි. සැබැවින්ම එවැන්නක් සිදුවේද යන්න ජ්‍යොතිෂයට අනුව සොයා බැලිය යුතු අතර එසේ කරුණු කාරණා එකිනෙක විමසීමේදී මෙම කියමන සත්‍ය බව මනාව පැහැදිලි වේ.

Advertisement

යහපත් ග්‍රහ පිහිටීම් සහිත උත්පත්ති කේන්දරයක් සහ යහපත් අංග ලක්ෂණයන්ගෙන් හෙබි රූමතියක හා විවාහ වීමෙන් ධනවතකු බවට පත්වීමේ භාග්‍යය පුරුෂයකුට ලැබෙන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

Advertisement

එම ශරීර ලක්ෂණ ගැන උනන්දු වන්නා සේම තමා විවාහ වන කාන්තාවගේ උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් ගැනත් අවධානය යොමු කරන්නට ඔබට හැකි නම් ඇය නිසා ඔබට හිමි වීමට නියමිත මහා වාසනාව කලින්ම හඳුනාගත හැකිය. මේ, ඊට පහසුව සලසන ඉදිරිපත් කිරීමකි.

Advertisement

ස්ත්‍රී කේන්දරයක සඳු ලග්නයේ සිටී නම් ඊටත් වඩා වාසනාවක් තවත් නැති බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එලෙස සිටිනුයේ පුර සඳු නම් ඒ වාසනාව තවත් බලවත් වන්නේය.

Advertisement

ස්ත්‍රී කේන්දරයක සඳු, සිකුරු, ගුරු, කුජ යන ග්‍රහයන් හතර දෙනා බලවත් නම් ඇය හා විවාහ වීමෙන් පුරුෂයාට වාසනාව උදාවේ.

Advertisement

කේන්දරයේ 2,3,5,7,9,11 යන ස්ථානවල සුබ ග්‍රහයන් තැන්පත්ව ඊට දෘෂ්ටි ලැබේද එම ස්ත්‍රියද විවාහය සඳහා මනා සුදුසුකම් ඇත්තියකි.

Advertisement

හත්වැන්නේ විවාහ ත්‍රිකෝණය වූ තුන්වැන්නේ සුබ ග්‍රහයකු සිට හත දකීනම් ඇය විවාහ කරගැනීමෙන් පුරුෂයා ධනවත් වේ.

Advertisement

හත්වැන්නේ සිටින සුබ ග්‍රහයාට තවත් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබේ නම් එම ස්ත්‍රිය විවාහ කරගැනීමට පිරිමින් උනන්දු විය යුතුය. අනාගතය සරුසාර වේ.

Advertisement

ඉතා උසස් පුතුන් ලබන්නට කැමැත්තෙන් සිටින ඔබ විවාහ කරගත යුත්තේ කේන්දරයේ පස්වැන්නේ අධිපතියා නවවැන්නේ තැන්පත්ව සිටින ස්ත්‍රියකි.

Advertisement

හත්වැන්නේ බලවත්ව කුජ සිටියදී ගුරු හෝ සිකුරු හත්වැන්න දකී නම් ඇය පිරිමින් වසඟ කරවන මනා පෙනුමක් ලබන බවත්, ඇය හා විවාහ වීමෙන් පුරුෂයකුට රජකුට සමාන සැපයක් ලැබෙන බවත් පැවසේ.

Advertisement

සඳු උච්ච වීම තරම් ස්ත්‍රියකට වටිනා ග්‍රහ පිහිටීමක් තවත් නැත. ඇය විවාහයෙන් පසු සහකරුට ධනය බලය වාසනාව ළඟා කර දෙයි. එසේම සිත් සතුටින් තබන්නීය.

Advertisement

කුජ ගුරු සිකුරු එක ග්‍රහයකු හත්වැන්නේ නම් ඔවුනොවුන්ටත් පෙනේ නම් ඔවුන්ටම අයත් රාශිවලත් සිටී නම් ඇය හා විවාහ පුරුෂයකු ලද පූර්ව පිනක් සේ සැලකිය යුතුය. යස ඉසුරු සොයා නොගියද ඒවා විවාහයෙන් පසුව ළඟට පැමිණෙනු ඇත.

Advertisement

මේ ආකාරයට තවත් ග්‍රහ පිහිටීම් රාශියක් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති අතර විවාහයෙන් පසුව ධනවත් වීමට සිහින දකින පුරුෂයන් විවාහයට පෙර ඇගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන ඒ බව ස්ථිරවම දැනගත හැකිය. නැතහොත් ඔබටම ඇගේ කේන්දරය බලා මේ බව හඳුනා ගන්නටද අපහසු නැත. කෙසේ නමුත් විවාහයට පෙර තමා විවාහ වන්නේ කිනම් තත්ත්වයේ වාසනාවන්තියක් සමගද යන්නත් ඇගේ ග්‍රහචාරය සහ අංග ලක්ෂණයන් කෙසේද යන්නත් දැන කටයුතු කළ පුරුෂයන් බොහෝ දෙනෙක් වර්තමානයේ ඉතා ධනවත් තත්ත්වයට පත්ව ඇති වග අප ජ්‍යොතිෂයට අනුව අත්දැක තිබේ. ඒ අතරින් ඇතැම් පුරුෂයන් වර්තමානයේ ධන කුවේරයන් වී සිටින බව සමාජය තුළද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති බව රහසක් නොවේ.

Advertisement

ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

Advertisement

මව්රට

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *