Latest Articles
Search

ඔබේ සැමියාව කුස්සියේ වැඩ වලට සම්බන්ධ කරගන්නේ කොහොමද?

133

කෑම සෑදීම කියන්නේ කාන්තාවට විතරක් ම වෙන් වූ දෙයක් නෙවෙයි. ඒත් පිරිමි පාර්ෂවය මේකට සම්බන්ධ කර ගැනීම තරමක් අමාරු වැඩක්. ඔබත් කැමති ඇති ඔබ කෑම සකස් කරනවිට ඔබේ සැමියා ඇවිත් ඔබට උදව් කරනවා නම්. ඉතින් අද අපි කියන්න යන්නේ කෑම සකස් කිරීමට ඔබේ සැමියාවත් සම්බන්ධ කරගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්රම කිහිපයක් ගැනයි.

Advertisement

01) ඉවීම ඔබ දෙදෙනාට ම වෙන්වූ වෙලාවක් කරගන්න

ඉවීම කියන්නේ තවත් එක් වැඩක්, වගකීමක් ලෙස සිතන්න එපා. මේ වෙලාව ඔබ දෙදෙනාට ම වෙන් වූ වෙලාවක් ලෙස සිතන්න. ඔබ දෙදෙනා කැමති ම ගීත කිහිපයක් තෝරාගෙන මේ වෙලාවට වාදනය කරන්න. එයින් ඔබ දෙදෙනාටම මනසට සැහැල්ලුවක් දැනේවි. රාත්රී ආහාරය සූදානම් කරන වෙලාව මේ සඳහා සුදුසු ම වෙලාවයි. මේ වෙලාව ඔබ දෙදෙනාගේ දවසේ ප්රියතම කාලය බවට පත් කරගන්න ඔබ කැමති විවිද දේවල් අනුගමනය කරන්න ඔබට පුළුවන්. එවිට ඔහු ඉබේම ඔබත් සමඟ මුළුතැන්ගෙයට ඒවි.

Advertisement

02) වැඩ බෙදාගන්න

ඉවීමේදී තිබෙන වැඩ දෙදෙනා අතර බෙදා ගන්න අමතක කරන්න එපා. ඔහු කැමති දේවල් ඔහුට කරන්න දෙන්න. ඔහු යමක් වැරදියට කරනවා නම් එයට කේන්ති ගන්නවත් කෑගහන්නවත් එපා. හෙමින්සීරුවේ ආදරෙන් එය පැහැදිලි කරන්න.

Advertisement

ඔබ දෙදෙනාට ම නිදහස් මිනිත්තු 30 සොයාගන්න. සතියේ කෑම වේල් ටික මේ වෙලාවේදී සකස් කරන්න. ඔහුගේ අදස්වලට ත් වැඩි ඉඩක් ලබා දෙන්න. මිළදී ගැනීමට අවශ්ය බඩු ලැයිස්තුවත් සකස් කරන්න. ඔබට ඇතැම් දිනවල එලියෙන් ආහාර ගැනීමට අවශ්ය නම් ඔබ දෙදෙනාටම නිදහස් වෙලාවන් තෝරාගෙන ඒ දින වෙන් කරගන්න. මෙයත් ඔබ දෙදෙනාට ම වෙන්වූ වෙලාවක් කරගන්න.

Advertisement

03) දෙන්නත් එක්කම ෂොපින් යන්න

සතියට අවශ්ය බඩු ටික මිළදී ගන්න සති අන්තයේ දවසක් වෙන් කරගන්න. එදාට දෙන්නත් එක්කම එලියට ගිහින් අවශ්ය බඩු මිළදීගෙන නිදහසේ ඇවිදලා සතුටින් ගත කරන්න. එදාට අවන්හලකට ගිහින් කෑම ගන්න. ඉවීමට විතරක් ම නැතුව ම්මේ දේවල්වලට ත් ඔහුව සම්බන්ධ කරගන්න. එවිට සතියේ උයන්න තියන දේවල් මොනවද, ඔබ හැමදේම කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඔහුටත් අවබෝධයක් ලැබේවි.

Advertisement

04)අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න

සති අන්තයේ හෝ ඔබ දෙදෙනාටම නිදහස් වෙලාවක අලුත් කෑම වර්ග අත්හදා බලන්න. ඔහු මෙයට ඉතාම කැමති වේවි. දෙන්නම එකතු වෙලා හදපු අලුත් කෑමක් රසවිඳිනකොට ඔහු බොහෝ සතුටට පත් වේවි.

Advertisement

05) ආහාර වට්ටෝරු පොතක් ලඟ තබාගන්න

ආහාර වට්ටෝරු පොතක් කියන්නේ හොඳ ගණියක් ළඟ තිබිය යුතුම දෙයක්. මෙයින් ඔබට ඒකාකාරී ආහාර රටාවෙන් මිදී විවිධ කෑම අත්හදා බැලීමට අවස්ථාව ලැබෙනවා. එකම ආහාර හැම සතියකම හදන්න ගියොත් ඔහුටත් එහි අලුත් දෙයක් නැති වෙනවා. එනිසා ආහාර වට්ටෝරු පොතක් අරගෙන රටරටවල විවිධ කෑම අත්හදා බලන්න අමතක කරන්න එපා. එහෙම නැතිනම් අන්තර්ජාලය හරහා විවිධ ආහාර වට්ටෝරු එකතු කරගන්නත් ඔබට පුළුවන්.

Advertisement

06) ඔහු කැමති කෑමවලට වැඩිපුර හදන්න

ඔබ දැනටමත් ඔහුගේ ආහාරවල රුචි අරිචිකම් දන්නවා ඇති. එහෙත් සතියේ ආහාරවේල් සැළසුම් කරනවිට ඔබ නොදන්න ඔහු කැමති කෑම ගැන ඔබට දැනගන්න පුළුවන්. ඒ කෑමවලට වැඩි ඉඩක් දෙන්න. ඔහු එයට බොහොම කැමති වේවි.

Advertisement

මේ සරල දේවල් මගින් ඔබට පුළුවන් ඔබේ සැමියාවත් ඉවීමට හවුල් කරගන්න. මේකට පුරුදු වුනොත් ඔබ දෙදෙනාට තනියම කාලය ගත කරන්න විශේෂයෙන් වෙලාවල් හොයන්න ඕන වෙන එකකුත් නැහැ.

Advertisement

Source:Goodhousekeeping

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *