නොගැළපෙන සම්බන්ධතාවයක් අවසන් කරන්නේ මෙහෙමයි

167

අපි සබඳතාවයක් බිඳ වැටීමෙන් පසු හිත හදාගන්න ආකාරය ගැන ඔබට ලියා තිබෙනවා.නමුත් අද කතා කරන්නේ වෙනස් විදියේ මාතෘකාවක්.නොගැලපෙන බව වැටහෙන සම්බන්ධතාවයක් ඔබම අවසන් කරන්න හිතට ශක්තිය ගන්නේ කොහොමද? තරමක් සංකීර්ණ සහ කළ නොහැකි බව හිතුණත්, නොගැළපෙනවා නම් ඔබ වඩාත්ම ආදරය කරන පුද්ගලයාගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු.

Advertisement

ආදරය විතරක් ප්‍රමාණවත් නෑ

මේ ඔබට තේරුම් යායුතු පැහැදිලි සත්‍යයක්.ඔබ හිඳින්නේ ආදරයෙන් අන්ධ වෙලා බව ඇත්ත.නමුත් හරිහැටි රැකියාවක් නැති,අනාගතයක් සැලසුම් කර ගැනීමට උවමනාවක් නැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ සහකාරයෙක් ඔබට හිදිනවා නම් ආදරය පමණක් ප්‍රමාණවත් නැති බව තරයේ ම තේරුම් ගන්න. ඉදිරියට යාමට ආදරය පමණක්ම ප්‍රමාණවත් නැති බව තේරුම් ගන්න

Advertisement

මෙය මගේ වරදක් කියල හිතෙන එක නවත්තන්න

ආදරය අවසන් අවසන් කිරීමෙන් ඔබ කරන්නේ විශාල වරදක් කියල සිතීම නවතන්න.ගැටළු සහ කරදර මැදින් ගලා ගලායන ජීවිතය ඔහුටත් ඔබටත් මහත් බාධාවක් සහ මානසික හිරිහැරයක් වෙන්න පුළුවන්.මේ නිසා කතාබහ කරලා වෙන් වී යාමෙන් ඔබ ඔහුට කිසිදු වරදක් නොකරන බව තේරුම් ගැනීම යහපත්.

Advertisement

සම්බන්ධතා ගැන ලියවුණු ලිපි කියවන්න

අන්තර්ජාලයේ ඕනෑතරම් සම්බන්ධ ලිපි ඔබට කියවන්න පුළුවන්.(අපේ රිලේෂන්ශිප් ලින්ක්) ඔබ විනිශ්චයට ලක් වී අපහාස විඳින්නට සිදු වේයැයි,ඔහුගේ ජීවිතය නාස්ති වේ යැයි සිතෙන මොහොතක එවැනි ලිපි කියවා සිතට ධෛර්යය ගන්නට ඔබට පුළුවන්

Advertisement

ඔබව ප්‍රවේසම් කර ගන්න

දැන් ඔහු මෙන්ම ඔබත්  හිඳින්නේ විරහ වේදනාවෙන්.ඔබේ හදවත ප්‍රවේසම් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න.ඔබට වඩාත්ම සුදුසු යැයි සිතෙන විනෝදාංශ වල නිරත වෙන්න.ශක්තිමත් වෙන්න.හදවත බිඳි යාමකට කිසිසේත්ම ඉඩ නොතබන්න.ඔබ වඩාත්ම ආදරය කරන පුද්ගලයාගෙන් වෙන් වීම මේ විදියට ඔබට කළමනාකරණය කරගන්න පුළුවන් මුණගැසීම .මිතුරන් මුණ ගැසීම,චාරිකාවක් සැලසුම් කිරීම,රැකියාවෙන් ටිකදවසකට නිවාඩු ලබාගැනීම වැනි දේ සිදු කර POST-BREAKUP TIME සමනය කර ගන්න උත්සාහ ගන්න.

Advertisement

ඔහු ගැන සෙවීමෙන් වලකින්න

ඔහුගේ සමාජ ජාලා පීරමින් ඔහුගේ විස්තර සෙවීම නවත්වන්න.ඔබ ඔහුගෙන් ඉවත් වී අවසන්.ඔහු යන එන තැන්වල ගැවසෙන්නට උත්සාහ කිරීම,ඔහුට ඇමතුම් ලබාදීම,සමාජ ජාලා හරහා ඔහු හා සම්බන්ධ වීමට උත්සාහ කිරීම ඔහුටත් ඔබටත් හිත හදා ගැනීමට අසීරු තැන් නිර්මාණය කරන බව තේරුම් ගන්න.කතාබහකින් වෙන්වූවා නම් ඔබ හතුරන් විය යුතු නැහැ.නමුත් මිතුරන් ලෙස  යළි කතාබහ කිරීම සඳහා කාලය ගන්න.

Advertisement

මතක වලින් ඉවත් වෙන්න

ඔහු දුන් ත්‍යාග,ඔබ දෙදෙනා ආ ගිය දැන් වල මතක මට රිදවනවා නම් ඒවා ගැන සිතමින් සහ ඒ තැන් වලට යමින් හිත රිද්දා ගැනීම නවතා දමන්න.ඔහුව සිහිවෙන ගීත ඇසීම නවතා දමන්න.හඬන්නට උවමනා නම් ඇති තරම් හඬන්න.හැඩීම ඔබේ හදවත තුළ ඇති දුක සෝදා දමන බව අමතක කරන්න එපා.

Advertisement

කාලය සමඟ සුවපත් වෙන්න

අපි කිහිපයකින් මාස කිහිපයකින් හෝ වසර කිහිපයකින් ඔබේ වේදනාව අවසන් වෙනවා. ඔහුගේ වේදනාවත් අවසන් වෙනවා.ඔබ දෙදෙනාටම නැවත සහකරුවන් මුණගැසෙන අතර අලුත් ආදරය පැරණි ප්‍රේමයක වේදනා අමතක කර දමනවා.ඒ නිසා කාලයට ඔබව සුවපත් කරන්නට ඉඩ හරින්න.

Advertisement

අපේ සමූහයට ලැබෙන බොහෝ නිර්නාමික ගැටලුවල ඇත්තේ නොගැළපෙන සම්බන්ධතා වලින් වෙන් විය නොහැකි යුවතියන්ගෙන් ගැටලු.නොගැලපෙන සම්බන්ධතාවයක් විවාහය දක්වා රැගෙන යාම ඔහුත් ඔබත් දෙදෙනාම අනතුරේ හෙලන බව අමතක කර දමන්න එපා.ඒ නිසා හොඳින් සිතා-බලා නොගැලපෙන තැනකින් මිදීම ඔබ සතු අයිතියක්.යා දෙක නොරත රත බව සිහියේ තබා ගන්න.

Advertisement

ධෛර්යමත් වෙන් වී යාමකට ඔබට සුභ පැතුම්!

Advertisement

Source:Smartlady

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *