දරු ප්‍රසූතියට පා පැදියෙන් රෝහලට ආ මන්ත්‍රිනිය

317

Julie Anne Genter නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඒ වගේම ඇය පාපැදිකාරිනියක්.ඇය හතලිස් එක් හැවිරිදි වියේ පසුවනවා.ජූලි ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ නොවැම්බර් 28 වැනිදා.ඒ ඇය බයිසිකලයක් පැදගෙන රෝහලට පැමිණීම නිසා.ඒ අන් කිසිවක් උදෙසා නොවෙයි.ඇගේ දරු උපත වෙනුවෙන් රෝහල් ගත වීම වෙනුවෙන්.

Advertisement

ජූලි රෝහල් ගත වී පැයකින් පමණ සුන්දර දියණියකට උපත ලබා දෙනවා.

Advertisement

“මම දරු උපතට රෝහල් ගත වීමට බයිසිකලයකින් යාමට අදහස් කරේ නෑ.ඒත් ඒක කරන්න සිදු වුණේ හදිසියේ..”

Advertisement

ඇය පවසනවා.

Advertisement

ජූලිට බයිසිකලය පදින විට ප්‍රසූත වේදනා එතරම් දැනී නැහැ.නමුත් ඉන් බැස ටික වේලාවකින් වේදනා තදබලව ආරම්භ වී තිබෙනවා.

Advertisement

ඒත් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට පා පැදිය පදින ආකාරයත්,ඉන් බැස සිනාමුසුව හිඳින ආකාරයත්,දියණිය හ සැමියා සමඟත් ඡායාරූප එක් කර තිබුණා.ඒ කෙටි සටහනක් සමඟින්.

Advertisement

“මේ ඉතා විශාල පණිවිඩයක්.අද අලුයම 3.04 අපේ පවුලේ අලුත්ම සාමාජිකාවට ආයුබෝවන් කියන්නට අපිට හැකි වුණා.මම ප්‍රසූතියට බයිසිකලයෙන් යන්න සැලසුම් කරේ නෑ.ඒත් එය සිද්ධ වුණා.මම අලුයම දෙකට පමණ පාපැදියෙන් ගමන් කරද්දී මගේ ප්‍රසූත වේදනා එතරම් ප්‍රබල වුණේ නෑ.ඒවා විනාඩි දෙක තුන අතර පරතරයෙන් දැනුණා.අප විනාඩි දහයකට පසු රෝහලට ළඟා වද්දී තීව්‍රතා වැඩි වෙමින් පැවතුණා.දැන් මට ඇගේ පියා මෙන්ම නිරෝගී සහ ප්‍රීතිමත් කුඩා දැරියක් සිටිනවා.ඇගේ උපත සංකීර්ණ නොවූ උපතක්.විශිෂ්ට වෛද්‍ය කණ්ඩායමක රැකවරණය සහ සහයෝගය සැබෑවටම ආශිර්වාදයක්.”

Advertisement

එහි එසේ ලියැවී තිබුණා.

Advertisement

ජූලි තම පළමු දරු උපතට මුහුණ දුන්නේ දෙදහස් අට වසරේදී.ඒ වසරේදීත් ඇය රෝහලට පැමිණියේ විදුලි පාපැදියකින්.

Advertisement

ජූලි ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනියක්.ප්‍රවාහන හා නාගරික සැලසුම්කරණය සම්බන්ධ රැකියාවක් කළ ඇය දේශපාලනයට සම්බන්ධ වන්නේ 2006 වසරේදී.අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ගේම පක්ෂයේ සාමාජිකාවක් වනවා.

Advertisement

තමන්ගේ ගැබ් ගැනීම ගැන සමාජ ජාලා හරහා ජූලි දැනුවත් කරේ පසුගිය මැයි මාසයේදී.ඒ පහත සිතුවම සමඟින්.

Advertisement

ප්‍රවාහනය සහ නාගරික සංවර්ධනය ගැන Green party හි ප්‍රකාශිකාව වන්නේ ජූලි.ඇය පාපැදි භාවිතාවෙන් ලැබෙන පාරසරික ප්‍රතිලාභ ගැන නිතරම සංවාද කරන්නියක්.ආරක්ෂිත පාපැදි සහ පදික මංතීරු ගැන ජනතාව දැනුවත් කරන ජූලි මහත්මිය ඇගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා වල පවා ඒ ආදර්ශය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්නේ ඈ සැබෑ ජනතා නියෝජිතවරියක බව තහවුරු කරමින්.

Advertisement

ලෝකයට මෙවැනි ස්මාර්ට් ගැහැනු වැඩි වැඩියෙන් අවශ්‍යයි.තමන්ගේ ජීවිතයේ සුන්දරම අවස්ථා පවා ධෛර්යවන්ත ලෙස හා පුදුම සහගත ලෙස පසුකරන ඔවුන් කාන්තා ඉතිහාසය යළි යළිත් අලුත් කරන්නියන් ලෙස ලියා තබන්න පුලුවන්.

Advertisement

Source:smartlady

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *