Latest Articles
Search

රූ රැජින කිරුළ දිනාගත් ත්‍රීරෝද රථ රියදුරාගේ දියණිය මාන්‍යා සිං

186

ජීවිතය ඔබට බොහොමයක් අවස්ථාවන් ලබා දෙනවා.ඒ අවස්ථාවන් දිනනවද එහෙම නැත්තම් පරදිනවද කියලා තීරණය කරන්න ඕන ඔබමයි.මිනිසුන් ඔබව මොනතරම් වට්ටන්න උත්සහ කලත් ,ඔබ යන මාර්ගයේ මොන තරම් වැට කඩොලු තිබුනත් ඔබට දවසක දිනන්න පුලුවන් වෙන්නෙ ඔබේම උත්සහය සහ කැපවීම නිසාමයි.

Advertisement

පසුගියදා ඉන්දියාවෙදී පැවැත්වුනු Femina Miss India 2020 තරඟවාලියේ අනූශූරතාවය දිනන්නට සමත්වුනු මාන්‍යා සිං කියන්නෙත් අන්න එහෙම තමන්ගේ උත්සහය අත් නොහැර කැපවීමෙන් තමන්ගේ ආව ධෛර්යවන්ත තරුණියක්.

Advertisement

“මගේ ගමන ආරම්භ වූයේ ඉතා සාමාන්‍ය ආකාරයටයි. මම නිතරම මගේ පවුලේ අයගෙන් ඉගෙන ගත්තා. අද මා සිටින තැනට පැමිණීමට මට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවුනා. මට බලාපොරොත්තුව නැති වූ සෑම අවස්ථාවකම මම මටම කියා ගත්තා “තවත් පියවර දෙකයි මාන්‍යා තවත් පියවර දෙකයි ” කියලා. ජීවිතය මට වඩා අමාරු වුණා. නමුත් මම මගේ ජීවිතයට වඩා අමාරු වුණා”

Advertisement

වයස අවුරුදු 14 දී සිය ගමෙන් මුම්බායි වෙත පලා යන ඇය යන්නෙ ඇගේ සිහින ලුහුබඳිමින් බව ඇගේ දෙමව්පියන් නොසිතන්නට ඇත.දින දෙකකට පසුව පියා ඇමතූ ඇය පියාගේ හඬාවැටීමෙන් පසුව ” මට අයිති තැන මෙතන ” බව ඔහුට කියනවා. ඉන්පසුව ඇගේ මව්පියන්ද මුම්බායි බලා පැමිනෙනවා.
ජීවත් වීම සඳහා ත්‍රීරෝද රථයක් ඔහු පදවද්දි මාන්‍යා ද අර්ධ කාලීන රැකියාවක් කරමින් මුදල් උපයන්නට පටන් ගෙන ඇත
කෙසේ හෝ තරඟයට සහභාවී වීමට ඇය සිහින දකිද්දි ඇගේ මව්පියන් විසින් ඇයට නොමද සහයෝගයක් ලබා දෙද්දිත් ඇතැමුන් පවසා ඇත්තේ ඇයට හොඳ පෙනුමක් නැති බවත් ඇය ඉංග්‍රීසි දන්නෙ නැති බවත් ය. එයින් නොසැලුනු මාන්‍යා ශක්තිමත් ලෙස තමන්ගේ සිහින කරා පියා සලමින් සිටියාය.

Advertisement

ඇගේ ඇතැම් වියදම් සඳහා පියා විසින් මවගේ ස්වර්ණාභරණ පවා උකස් තබා ඇත. ඇයට ශක්තියක් වීම ඔහුගේ අරමුණ වෙද්දි තරඟය ජය ලැබීම මාන්‍යා තවදුරටත් ඇගේ සිහිනය කරගත්තාය.

Advertisement

” වරක් මගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙකු වීම ගැන මා කතා කරන විට ඇතැමුන් පැවසුවේ මා අවධානය ලබා ගැනීමට උත්සහ කරනවා කියායි “

Advertisement

ලෝකය කොතරම් නපුරු උනත් ඇය ඇගේ උත්සහ අත හැරියේ නෑ.

Advertisement

” මම ආහාර සහ නින්ද නොමැතිව රාත්‍රීන් ගණනාවක් ගත කර ඇත්තෙමි. මම දහවල් බොහෝ කාලයක් සැතපුම් ගණනක් ඇවිද ගියෙමි. මගේ ලේ, දහඩිය සහ කඳුළු මගේ සිහින ලුහුබැඳීමට ධෛර්යය එක් කර ඇත “

Advertisement

තරුණියක් සතුවිය යුතු ධෛර්යය සම්පන්න බව , තමන් කෙරෙහි ඇති විශ්වාසය ඈ තදින්ම විශ්වාස කලාය. ලැබූ ජයග්‍රහණය පසුපස සැඟව ඇත්තේ එකී ධෛර්යය බවට කිසිම සැකයක් නැත.

Advertisement

” මම රික්ෂෝ ගාස්තු ඉතිරි කර ගැනීම සඳහා පැය ගණනක් ඇවිද ගියෙමි.මගේ පියා, මව සහ මගේ ධෛර්‍යයයෙන් VLCC ෆෙමිනා මිස් ඉන්දියා 2020 වේදිකාවටයි මම අද පැමිණ සිටින්නේ. තරුණ තරුණියනි, ඔබ සහ ඔබේ සිහිනය වෙනුවෙන් කැපවී සිටින්නේ නම් සියල්ල කළ හැකි බව ලොවට පෙන්වීමට මම මෙහි පැමිණ සිටිමි”

Advertisement

තමන්ගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වන ඇය ඒ ගමන සඳහා ඇයව විශේශයෙන්ම දිරිමත් කල ඇගේ මව්පියන්ව සිහිපත් කරන්නේ සෙනෙහසින්.

Advertisement

“දැන්, අවසානයේ මගේ දෙමව්පියන්ට සෑම දෙයක්ම දීමට මට අවස්ථාව තිබේ; මම ඔවුන්ට නිවසක් මිලදී ගැනීමෙන් ආරම්භ කරමි “

Advertisement

රැයක් දහවලක් නොබලා තමන්ගේ ගමන වෙනුවෙන් කැපවූ මාන්‍යා , සෑම දියණියක් මෙන්ම තමන්ගේ පියාට දැඩිව ආදරය කරනවා.ඔහු ඇගේ සෙවණැල්ල මෙන් සිට ආශිර්වාද කිරීම ඇය අමතක කරන්නෙ නෑ.

Advertisement

“ඔහු මාව විශ්වාස කළා. ඒ නිසා අද රික්ෂෝ රියදුරෙකුගේ දියණිය ඔලුවේ ඔටුන්නක් තබාගෙන සිටිනවා”

Advertisement

මේ ඇගේ කතාවයි.කොතරම් දුක් කම්කටොලු මැද පැමිණියද අද ඇයත් කිරුළු පලන් රැජිණක්.

Advertisement

ඉතින් ,කාන්තාවක් කිසිවිටකත් තමන්ගේ උත්සහය අත් හැරිය යුතු නෑ .කොතරම් බාධක ආවත් කිසිවිටකත් පසු බැසිය යුතු නෑ. අප අරමුණු කරගත යුත්තේ අප අපේ සිහිනය කරා යන ගමන පමණි .එවිට එය තවදුරටත් සිහිනයක්ම නොවේවී !

Advertisement

Source:Smartlady

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *