Latest Articles
Search

මම අම්මගෙ කුසේ ඉන්න කාලේ ඉඳලා අම්මිට හීනයක් තිබිලා තියෙනවා මාව ජනප්‍රිය නිළියක් වෙනවා දකින්න

171
හර්ෂි කියන්නෙ ඉතාමත් අඩු වයසකින් සෑහෙන්න ජනප්‍රිය වුණු තාරකාවක්.රංගන හැකියාව විතරක්ම නෙවෙයි ඇය දක්ෂතා රැසක එකතුවක්.අහිංසක ගැමි චරිතවලින් දැකගන්න ලැබුණු ඇයව දැන් දැන් අපිට වෙනස් වූ චරිත ඔස්සේ දැකගන්න ලැබෙනවා.

Advertisement

මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ලංවී ටෙලි නිර්මාණය හරහා අපිට ඇයව වෙනස්ම විදියකට දැකගන්න පුළුවන්. ඒ නිසාම හිරු ගොසිප් අපි ඇය සමඟ සොඳුරු කතාබහක යෙදුණා. මේ ඇය සමඟ කළ කතාබහයි.

Advertisement

ලංවී ටෙලි නාට්‍යට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

Advertisement

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තාම ලොකු කාලයක් නෑ මේ නිර්මාණය රසිකයින් අතරට යන්න අරන්. නමුත් ඒ කෙටි කාලය ඇතුළෙ සැලකිය යුතු පිරිසක් ආදරෙන් වැළඳගත් නිර්මාණයක් බවට පත්වෙලා. ඉතින් හරිම සතුටුයි ලැබෙන ප්‍රතිචාරවලට.

Advertisement

ඔබට කොහොමද ඒ චරිතය දැනෙන්නේ ?

Advertisement

මමත් හරිම ආසාවෙන් රංගනයේ යෙදෙන චරිතයක් ඒක. මගේ ජීවිතේට ගොඩක් සමානයි මේ චරිතය. ඒ නිසාම චරිතයට උපරිම සාධාරණයක් වෙනවා කියලා මම හිතනවා. මොකද පිටපත කියවද්දිම මට තේරුම් ගිය දෙයක් තමයි මගේ උපරිමය දෙන්න පුළුවන් නිර්මාණයක් මේක කියන එක.

Advertisement

ප්‍රවීණ පිරිසක් එක්ක රඟපාන එක පහසුයිද ?

Advertisement

ඇත්තටම පහසුයි. ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා අපේ චරිත ගොඩනඟාගන්නත්. ඒ වගේම ඔවුන් ඉතාමත් නිහතමානී. ඒ නිසාම සාර්ථකව අපිට ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා ප්‍රවීණ පිරිසගේ ගුරුහරුකම් මැද.

Advertisement

ජනප්‍රිය වෙන්න හීනයක් තිබුණද ?

Advertisement

එහෙම මට නම් හීනයක් තිබිලා නෑ. මම කැමති ගායනයෙන් ඉස්සරහට යන්න. හැබැයි මම ඉපදෙන්නත් ඉස්සර ඒ කියන්නෙ මම අම්මගෙ කුසේ ඉන්න කාලේ ඉඳලා අම්මිට හීනයක් තිබිලා තියෙනවා මාව ජනප්‍රිය නිළියක් වෙනවා දකින්න.

Advertisement

රඟපාන්න ගියාම ඉගෙනීම් කටයුතු මඟහැරෙනවා නේද ?

Advertisement

දැන් නම් ඉතින් ඉගෙනීම් කටයුතු වෙන්නෙ ඔන්ලයින් නිසා එහෙම ලොකු මඟහැරීමක් වෙන්නෙ නෑ. මට ඉන්නෙ අයියයි අක්කියි. ඉතින් ඒ දෙන්නා මගේ වැඩවලට සහයෝගය දෙනවා. ඒ නිසාම මගේ ඉගෙනීම් වැඩ කටයුතු මඟහැරෙනවා අඩුයි.

Advertisement

දැන් දැන් අහිංසක හර්ෂිව දකින්න ලැබෙන්නෙ නෑ අපිට ,

Advertisement

කාලයක් මම අහිංසක ගැමි චරිතවලටම කොටුවෙලා හිටියා. දැන් ටිකක් ඒක වෙනස් වෙලා තියෙනවා. හැමදාම ඉතින් එකම විදියෙ චරිතවලට කොටුවෙන්නත් බෑනෙ. නමුත් ඉතින් තිබුණු අහිංසක බව මම කරන මොන චරිතෙන් වුණත් ඉස්මතු වෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නෙ.

Advertisement

ගෙදර අයගෙන් ලැබෙන්නෙ මොන විදියේ සහයෝගයක්ද ඔබේ ගමනට ?

Advertisement

ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. අම්මා මං එක්ක පස්සෙන්ම එනවා දැන් අවුරුදු 11ක් තිස්සෙ. අපි ඉපදෙන්නත් ඉස්සර ඉඳන් අම්මියි තාත්තියි ස්ටේජ් ඩ්‍රාමා කරලා තියෙන්නෙ. ඉතින් ඒ නිසා කොහොමත් අපේ පවුල කලාවට ලැදියි. අක්කියි අයියයි දෙන්නත් ඒ වගේම හොඳ සහයෝගයක් ලබාදෙනවා.

Advertisement

පොඩි වයසකින් ජනප්‍රිය වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ ?

Advertisement

මම හිතන්නෙ ඒක හැකියාවත් එක්ක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් හැටියට. පොඩි වයසකින් මෙච්චර දුර එන්න ලැබීම ගැන සෑහෙන්න සතුටුයි. මට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් මාව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඒ හැමෝගෙම අදහස් මට වටිනවා මගේ ගමන ඉස්සරහට යන්න.

Advertisement

රංගනයට අමතරව මොනවටද තව ඔබ දක්ෂ ?

Advertisement

රංගනය කියන්නෙ මම කැමති ප්‍රධානම දේ නෙවෙයි. මම කොහොමත් කැමති ගායනයට. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. ඊට අමතරව සුපුරුදු විදියට නර්තන කටයුතුත් කරනවා.

Advertisement

ඔබ කළ ගීත නිර්මාණ තියෙනවද ?

Advertisement

දැනට මම කරලා තියෙනවා Cover එකක්. ලබන අවුරුද්දෙ මගේම ගීත නිර්මාණ කිහිපයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම සංගීතය පැත්තෙන් ගත්තොත් මට අදහසක් තියෙනවා ගෑනු ළමයි ටිකක් එකතු කරගෙන බෑන්ඩ් එකක් පටන් ගන්න. ඒ වැඩ නම් දැනටම කරගෙන යනවා.

Advertisement

සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාර ගැන මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නෙ ?

Advertisement

සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාර විවිධයි. අපි මොන දේ කළත් ඒක අහලා දැකලා බාරගන්න විදිය අනුව තමයි ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙන්නෙ. ඉස්සර නම් මම ඔය ලැබෙන සියලුම ප්‍රතිචාර ගැන සෑහෙන්න හිතුවා. ඒ කියන්නෙ බනින පිරිසකුත් ඉන්නවනෙ. එයාලගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා වැටුණු තැනුත් තිබිලා තියෙනවා. ඒත් දැන් නම් මම එහෙම වැටෙන කෙනෙක් නෙවෙයි.

Advertisement

තරුණ ගැහැනු ළමයෙක් විදියට විලාසිතා තෝරගනිද්දි හිතන විශේෂ දේවල් තියෙනවද ?

Advertisement

මට පහසුයි නම් මම ඒ ඇඳුම අඳිනවා. ඇඳුමක් තෝරගන්නකොට මං බලන විශේෂම දේ තමයි පහසුව. ඒ ඇරුණාම ඒ ඒ තැනට ගැළපෙන විදියට විලාසිතා කරනවා.

Advertisement

සම්මානනීය නිළියක් දක්වා ඉස්සරහට යන්න හීනයක් තියෙනවද ?

Advertisement

මට හීනයක් තියෙනවා දවසක දක්ෂතම නිළියට හිමි සම්මානය ලබාගන්න. ජනප්‍රිය නිළිය වීම කියන තැන එන්න ඕනි මිනිස්සු අතරට ගියාම ලැබෙන ප්‍රතිචාර එක්ක. එතකොට ලැබෙන ආදරය සම්මාන සියල්ලටම වඩා වටිනවා.

හර්ෂිව අපිට වෘත්තීය රංගන ශිල්පිනියක් හැටියට දකින්න ලැබෙයිද ?

Advertisement

වෘත්තිය විදියටම රංගනය තෝරගන්න එකක් නෑ මම. කලින් කීවත් වගේ ගායනයෙන් ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නෙ.

Advertisement

මේ ක්ෂේත්‍රය තෝරාගැනීම ගැන තියෙන අදහස,

Advertisement

ගොඩක් අයගෙ තියෙන අදහසක් තමයි මේක පවතින්න ඒ තරම් සුදුසු තැනක් නෙවෙයි කියන එක. හැබැයි මම කියන්නෙ කිසිම දෙයක් බලෙන් වෙන්නෙ නෑනෙ. ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ සෑහෙන්න අවමයි. මම දැන් අවුරුදු 11ක් තිස්සෙ මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. අම්මි ආවා හැමදාම මං එක්ක රූගත කිරීම්වලට. මම නම් සෑහෙන්න ආඩම්බර වෙනවා මේ ක්ෂේත්‍රය තෝරාගැනීම ගැන.

Advertisement

කතාබහ අවසානයේ තමන්ට අද ඉන්න තැනට එන්න හයියක් වුණු සියලුම දෙනාට ස්තූතිවන්ත වීමටත් ඇය අමතක කළේ නෑ…
ලංවී ටෙලි නිර්මාණයේ ඡායාරූප එකතුවක්ද පහතින් දැක්වේ….

නඳුනි ආරියවංශ
 

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *