Latest Articles
Search

සිරැරේ හැඩයට ගැලපෙන්න ජීන්ස් එකක් තෝරාගන්න මෙන්න අපෙන් උපදෙස්

425

ඕනෑම කාන්තාවකගේ විලාසිතා එකතුවේ අනිවාර්‍ය අංගයක් ලෙස ජීන්ස් ඇතුලත් වෙනවා.. එය ඔවුන්ගේ ප්‍රියතම විලාසිතාවන්ගෙන් එකක්.. කෙසේ වුවත් සිරැරේ හැඩයට නොගැලපෙන ජීන්ස් වර්ගයක් තෝරා ගැනීමෙන් සිරැරේ නිවැරදි පෙනුම යටපත් වීමට පුළුවන්. එමනිසා ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙන ජීන්ස් එක තෝරාගන්නේ කොහොමද කියා දැනුවත් වී සිටීම වැදගත් වෙනවා..

Advertisement

ඇතැම් විට ඔබ පෙනුමින් ඉතා කුඩා වීමට පුළුවන් ; නැතිනම් ඔබ මදක් තරබාරු ස්වභාවයක් ගැනීමට පුලුවන්.. විශේෂයෙන් ඔබගේ සිරැරේ ඉනෙන් පහළ කොටසේ හැඩය ජීන්ස් තෝරා ගැනීමේදී ඉතා වැදගත් වෙනවා. එසේන්ම් දැන් අපි බලමු ඔබගේ සිරැරේ ස්වභාවය අනුව කොහොමද ගැලපෙන ජීන්ස් වර්ගය තෝරාගන්නේ කියා..

Advertisement

01. ඔබගේ සිරැරේ ඉනෙන් පහළ ඇඟ මහත නම් (heavy lower body)

Advertisement

ඔබගේ සිරැරේ ඉනෙන් උඩ ඇඟ සිහින් සහ ඉනෙන් සිරුර කොටස එනම් උකුළ සහ කළවා මහත ස්වභාවයක් ගන්නවා නම් ඔබ high-rise jeans හෙවත් ඔබගේ ඉන කොටස මදක් සිහින් කරන ලෙස උඩට ඇඳිය හැකි ජීන්ස් තෝරාගත යුතු වෙනවා.. එමෙන්ම එම ජීන්ස්වල පහත වළලුකර ළඟින් එකතුවන සේ මසන ලද ජීන්ස් වඩාත් ගැලපෙනවා.. ඒ වගේම තමයි ඔබට තරමක් දිගු දෙපා තිබෙනවා නම් ද ඔබට වඩාත් high-rise jeans සුදුසු වනවා.

Advertisement

02. ඔබගේ ඉනෙන් උඩ සිරැර තරමක් මහත නම් (heavy upper body)

Advertisement

ඔබගේ සිරැරේ උඩුකය පහල සිරැරට වඩා මහත, විශාල පෙනුමක් ගන්නවා නම් ඔබ තෝරාගත යුත්තේ තරමක් මහත කකුල් සහිත ජීන්ස් වර්ගයි. සෑම විටම සිහින් කකුල් සහිතව මසා ඇති ජීන්ස් වර්ගවලට වඩා ඔබට ගැලපෙන්නේ තරමක් ලිහිල් ස්වභාවයක් ගන්නා ජීන්ස් වර්ගයි.

Advertisement

03. ඔබට තරමක් මහත සහ පළල් ස්වභාවයකින් යුතු සිරැරක් සහිතනම් (broad, curvy frame body)

Advertisement

ඔබට Mid සහ high-rise jeans, නේවි බ්ලූ සහ කළු පැහැති වර්ණයන්ගෙන් යුතු ජීන්ස් විලාසිතා වඩාත් ගැලපෙනවා. තරමක් ඇදෙන සුලු, සිරැරේ ප්‍රමාණයට මසන ලද ජීන්ස් වර්ග ඔබගේ පෙනුම සිහින් කිරීමටත් සහය වෙනවා. එමෙන්ම මෙවැනි ජීන්ස් විලාසිතා ඔබ කොපමණ උසකින් යුතු වුවත් ඔබට ඉතා ප්‍රසන්න පෙනුමක් ලබාදෙනවා.

Advertisement

04. ඔබගේ සිරැර කුඩා පෙනුමක් ගනී නම් (petite)

Advertisement

ඔයාට පොඩි සිරුරක් හිමි වුනාට, ඔයා කෙට්ටුයි කියලම කියන්න බැහැ. ඒත් කුඩා සිරුරක් හිමි වුනාම තියෙන ප්‍රශ්නෙ තමයි ජීන්ස් හෝ ඕනෑම ඇඳුම මිලදී ගන්න ගියාම ඒවා දිග වැඩි වෙන එක.. ඒත් ඔයාව ලස්සන කරලා පෙන්වන කට්ස් වලින් නිම වුනු ඇඳුම් වෙළඳපලේ ගන්න තියෙනවා. ඔයාට ඔයාව ටිකක් උස කරලා පෙන්වන්න ඕනේ නම් කකුලේ වළලුකර ගාවින් කපපු නැතිනම් වළළුකර පෙනෙන ආකාරයේ (ankle-cropped) ජීන්ස් හෝ ත්‍රී ක්වාටර් (three quater) ජීන්ස් වගේම high-rise jeans හරියනවා.

Advertisement

5. ඔබට උසින් වැඩි කෙට්ටු සිරැරක් හිමිනම් (tall and skinny body)

Advertisement

ඔබගේ කෙට්ටු ස්වභාවය යටපත් කරන්න උපකාරිවෙන mid සහ low-rise jeans සහ මදක් පළල් ස්වභාවයකින් යුතු ජීන්ස් (flared jeans) වර්ග වඩාත් සුදුසු වෙනවා.. සිහින් හැඩැති ජීන්ස් වලින් ඔබව තවත් කෙට්ටු කර පෙන්වනවා.. ඒනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

Advertisement

ඉතින් හැඩකාරි ඔබත් ජීන්ස් විලාසිතා තෝරාගන්නා විට ඉහත ටිප්ස් මතක තබාගන්න.. එවිට ඔබගේ පෙනුම වඩාත් ඔප්නංවන පරිදි ජීන්ස් විලාසිතා තෝරාගන්න ඔබටත් පුලුවන්.

Advertisement

Source:hadakari

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *