මෙරට මුහුදු තීරයේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා මාස 03 ක කාලයක් තුළ සිදුකළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් විසි එක් ලක්ෂ පනස් දහසක මුදලක් මේ වනවිට ලැබී ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළා.
පසුගිය වසරේ ජූනි 3 වනදා සිට අගෝස්තු 31 දක්වා කාළය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සඳහා වැය කළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 04 ක වන්දියක් ලබාදෙන ලෙස නෞකාව හිමි සමාගමෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම මුදලින් කොටසක් ලෙසයි අදාළ මුදල මෙරටට ලැබී ඇත්තේ.
එසේම පසුගිය වසරේ සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 30 දක්වා කාළය තුල සිදු වූ වියදම් සම්බන්ධයෙන් ද වාර්තාවක් ද වන්දි ලබා ගැනීම සඳහා සැකසෙනු ඇති.
Source:Hirunews




















