Latest Articles
Search

කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් අවදානම් තුන්වන අදියරට මුහුණදීමට තීන්දු රැසක්

77

කොවිඩ් පාලනයට භාවිත වන ක්‍රමවේද නැවත විමසීමට කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්වී තිබේ. එහිදී “අවදානම් තුන්වන අදියරට” මුහුණදීමට සුදුසු පරිදි තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

Advertisement

එම කමිටුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය.

Advertisement

කොවිඩ්-19 තුන්වන අවදානම් තත්ත්වය හමුවේ ඇතිවන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබද පුරෝකථනයක් සිදුකිරීමටද මෙහිදී අවධානය යොමුවිය.

Advertisement

දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%-28% ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර එයින් 17%ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වී ඇත.

Advertisement

එයින් 4%-5%ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සදහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන ඇත.

Advertisement

කොවිඩ්-19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR සඛ්‍යතාව, නිරෝධායනය, රෝහල්ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබද අවධානය යොමුකරමින් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවී තිබේ.

Advertisement

ඒ අනුව භාවිත කෙරෙන ක්‍රමවේද පිළිබඳ ව නැවත විමසා බැලීමකට ලක්කර ඇති අතර දැනට භාවිත කෙරෙන නිරෝධායන ක්‍රමවේදය නැවත විමසීමකට ලක්කරන ලද බව එම අමාත්‍යංශය පවසයි.

Advertisement

පවතින අවදානම් තත්ත්වය මත මීට පෙර සංශෝධනය කරන ලද නිරෝධායන ක්‍රමවේදය වෙනුවට මුලින් ක්‍රියාත්මක කල මාර්ගෝපදේශ නැවත ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවිය.

Advertisement

කොවිඩ් පාලනය සිදුකරන සමස්ථ ක්‍රියාවලිය විධිමත්ව නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම (Monitoring Mechanism) කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා වෛද්‍ය උපාධිධාරින්ගේ සේවය ලබාගැනීමට සාකච්ඡා විය.

Advertisement

ඒ සදහාම දුරකථන මෙහෙයුම් පද්ධතියක් (Telephone Monitoring System) සකස් කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා විය. මේ හරහා නිරන්තරයෙන් ජනතාවට දැනගැනීමට අවශ්‍ය කරුණු, උපදෙස් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට අදහස් පළවිය.

Advertisement

Adaderana.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *