කොවිඩ් එන්නත්කරණ කටයුතු කාර්යක්ෂම කිරීට ඩිජිටල් හැඳුනුම්පතක්

92

කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු කාර්ය’ක්ෂම කිරීමේ අරමුණින් ජනතාව සඳහා නව තාක්ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Advertisement

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය සමඟ එක්ව එම වැඩපිළිවෙල සකස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Advertisement

එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත සඳහා එක් එක් පුද්ගලයින්ට කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, එන්නත් වර්ගය සහ දෙවන මාත්‍රාව ලබාදිය යුතු දිනය ආදි තොරතුරු රැසක් අන්තර්ගත කෙරෙන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Advertisement

ඉදිරි දින කිහිපය තුළ අදාළ ඩිජිටල් හැඳුනුම්පත ජනතාව අතට පත්කිරීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Advertisement

Adaderana.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *