Latest Articles
Search

ඔබටත් හතලිස් ඇදිරියද ?

300

වයස 40 පනිනකොට ඇස්වල දුර්වලතා හටගැනීම ස්වභාවිකයි. මේක සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලායි. දෑසේ ඇති වන තද වේදනාවක්, දෑස්වල ඇති වන දැවිල්ලක් හතළිස් ඇඳිරිය ඇති වූ අයෙකු තුළ දැකිය හැකි වෙනවා. එවැනි අවස්ථාවලදී කණ්ණාඩියක් පාවිච්චි කිරීමට සිදුවීම අනිවාර්ය වෙනවා. ඒ වගේම අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණගැසීමත් නුවනට හුරුයි. මේ කියන හතළිස් ඇඳිරිය ඇතිවීමට බලපාන හේතු ගැනයි අද අපි කතා කරන්නේ.‍

Advertisement

වයසත් සමඟ හෝමෝනවල වෙනස්කම් සිදුවීම

Advertisement

මැදි වයසට පැමිණෙන විට සිරුරේ සිදුවන හෝමෝනවල වෙනස්කම්වල බලපෑමෙන් මෙම තත්වය උදාවිය හැකියි.

Advertisement

ඖෂධ වර්ගවල බලපෑම

Advertisement

ඇතැම් ඖෂධ වර්ගවල බලපෑම නිසාත් දෙනෙතේ තිබිය යුතු තෙත් ස්වභාවය නැති වී යන්න පුළුවන්. වේදනා නාශක පමණට වඩා භාවිතා කිරීම, මානසික ගැටලු, දියවැඩියා රෝගය සහ අධි රුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් නිර්දේශ කරන ඇතැම් ඖෂධ වර්ග මෙම තත්වයට හේතු වෙනවා.

Advertisement

සිරුරට ලැබෙන පෝෂණය අඩුවීම

Advertisement

ටික ටික වයසට යනකොට බොහෝ දෙනෙක් ගුණවත් ආහාර ලබාගැනීම මඟ හරිනවා. නිසි පෝෂණයක් නොලැබෙන විටත් හතළිස් ඇඳිරිය ඇතිවීම ඉක්මන් වෙනවා. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර ගණයට වැටෙන අධික ලුණු, සීනි හෝ තෙල් සහිත ආහාරවලින් ඔබ වැළකිය යුතුයි. එමෙන්ම කෘතිම රසකාරක යෙදූ ආහාර වලිනුත් ඈත්වෙන්න. විටමින් ඒ සහ සී අඩංගු නැවුම් පළතුරු, එළවලු සහ කොළ වර්ග ආහාරයට ගැනීම වැඩිකරන්න.

Advertisement

මත්ද්‍රව්‍ය භාවිතය

Advertisement

දුම්වැටි සහ මත්පැන් භාවිතා කිරීමත් ඔබේ දෙනෙත්වලට හානි කරනවා.

Advertisement

පෙර කළ අක්ෂි ශල්‍යකර්ම

Advertisement

අවුරුදු 40 වීමට පෙර කිසියම් හෝ හේතුවක් නිසා ඔබ අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ නම් මෙම තත්වය ඇතිවීම ඉක්මන් විය හැක.

Advertisement

දූවිල්ලට නිරාවරණය වීම

Advertisement

ඔබ නිතරම ගැවසෙන්නේ දුවිලි පිරුණු පරිසරයක නම් ඔබේ දෙනෙත් වල වියලි බවක් ඇතිවෙන්නට පුළුවන්. එමඟින් හතළිස් ඇඳිරිය ඇතිවීම ඉක්මන් වෙනු ඇත.

Advertisement

අව් කණ්ණාඩි නොපැළඳීම

Advertisement

දැඩි හිරුඑළිය දෑස්වලට හානිකර බව හොඳින්ම දැනසිටියත් අව් කණ්ණාඩියක් පළඳින්නට උනන්දු වන්නේ කීයෙන් කී දෙනාද? දැඩි හිරුරුස්වලින් ඔබේ දෙනෙත් ආරක්ෂා කර ගැනීම පිණිස අව් කණ්ණාඩි පැළඳීම කෙරෙහි උනන්දු වන්න.

Advertisement

පරිගණක සහ ජංගම දුරකථන තිර

Advertisement

වැඩිවෙලාවක් පරිගණකය දිහා බලාගෙන ඉන්න එක දෙනෙත්වලට හානිදායකයි. පරිගණක භාවිතයේදී පළඳින්නට වෙනම කණ්ණාඩි වර්ග තිබෙනවා. ඒ වගේම අඳුරේ සිට මෙම තිර දිහා බලාගෙන ඉන්න එක දෙනෙත්වලට හානිදායකයි. බොහෝ දෙනෙක් නිදි ඇඳේ ඉන්න ගමන් කළුවරේම ජංගම දුරකථනය භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එම පුරුද්ද ඉතා අහිතකරයි.

Advertisement

දේශය

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *