Latest Articles
Search

රන්ජන් සමාව ඉල්ලන ලියුමට අස්සන් කර ලියුම සජිත්‌ට බාර දෙයි

282

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීමේ පත්‍රිකාවට අස්සන් තබා ඇත.

Advertisement

ඒ අනුව එම ලියකියවිලි නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (03) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දී තිබේ.

Advertisement

එම ලියකියවිලි ඉදිරි දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

Advertisement

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සාකච්ජාවකින් පසු ලිඛිතව එම ඉල්ලීම කරන ලෙසට ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව මෙම ලිපියට අස්සන් තැබීමට රන්ජන් රාමනායක මහතා කටයුතු කොට ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *