Latest Articles
Search

සුපිරි හැකියාවන් තියෙන මිනිස්සු 10 දෙනෙක්

274

ඉස්සර අපි අහල තියයෙන ඉතිහාස කතා වලත් සුරංගනා කතා වලත් එක එක විධියේ සුපිරි මිනිසුන් ඉන්නවා. යෝධයෝ, පියාඹන මිනිස්සු, පුදුම හැකියාවන් තියෙන මිනිස්සු ගැන අහලා තියෙනවා. බොහෝ විට සිද්ධ වෙන්න ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අමුතු හැකියාවන් කාලයත් එක්ක වර්ධනය වීමයි. නමුත් අද කාලයේ පවා අරුම පුදුම හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා. ගිනස් වාර්තා පොතේත් මේ විදියේ මිනිස්සු ගොඩාක් ගැන වාර්තා වෙනවා.

Advertisement

අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ වගේ සුපිරි හැකියාවන් තියෙන මිනිස්සු 10 දෙනෙක් ගැන විස්තර.

Advertisement

 

Advertisement

01. ලියව් තෝ ලින් කාන්දම් මිනිසා

Advertisement

ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ශරීරයේ කාන්දම් බලයක් ඇති වීම ගැන වාර්තා කරලා තියෙනවා. නමුත් මේ ලියෙව් තෝ තමයි ඒ අතරින් වඩාත්ම සුප්‍රකට පුද්ගලයා. මොහුට ඕනෑම ලෝහ දෙයක් තමන්ගේ ශරීරයට අලවා ගැනීමට පුලුවන්. මැලේසියාවෙ සරසවියකින් කරපු පරීක්ෂණ‍යකින් හෙළි වුණා මොහුගේ සමේ ඝර්ෂණයත් ඉතාම වැඩි බව.

Advertisement

 

Advertisement

02. ඩැනියෙල් බ්‍රවුනින්ග් ස්මිත් රබර් මිනිසා

Advertisement

‌මෙම ඇමරිකානු ජාතිකයා ශරීරය නැවීමේ කලාව ප්‍රගුණ කළ, රූපවාහිනියේත් ප්‍රකට තරුවක් මෙන්ම විකටයෙකු, සංදර්ශකයෙකු සහ සටන් නළුවකු ද වනාතර ගිනැස් පොතේ ඔහුගේ නම කිහිප ආකාරයකට සටහන් වී ඇත. මොහු ලොව වඩාත් නම්‍යශීලිම මිනිසා ලෙස හඳුනා ගැනේ. ඔහුට මෙම හැකියාව ලැබී ඇත්තේ හයිපර් මොබයිල් එහ්ලර්ස්-ඩැන්ලෝස් නම් දුර්ලභ ජාන විකෘතිය නිසාය. සාමාන්‍යෙන් මෙය ඉතාමත් මේදනාකාරි තත්වයක් වන නමුත්, ඩැනියෙල් හට ඇත්තේ සුළු වේදනාවන් පමණි.

Advertisement

 

Advertisement

03. ජලය මත ඇවිදින ශී ලියෑන්ග්

Advertisement

ජලය මත ඇවිදීම ශී ලියැන් හට නොකළ හැක්කක් නොවේ. ඔහු වතුර මත මීටර 125ක් දිවගොස් වාර්තාවක් තබා ඇත. මොහු ෂඔලින් භික්ෂුවකි. එම භික්ෂුන් සියල්ලන්ටම මෙම හැකියාව පුහුණු විය යුතුව තිබුණද එය මෙතරම් ප්‍රගුණ කර ඇත්තේ ශී ලියෑන්ග් පමණි.

Advertisement

 

Advertisement

04. හයි න්ගොක්, නොනිදන මිනිසා

Advertisement

වියට්නාම ජාතිකයකු වන හයි වසර 43ක් එක දිගට කිසිදු නින්දක් ලබා නොමැත. මොහු 1942 උපත ලද අතර බරපතල තත්වයේ නින්ද නොයාමේ රෝගයකින් පෙළෙයි. නමුත් ඔහු මානසිකව සහ ශාරීරිකව කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සිටින බව දැනට වාර්තා වෙයි.

Advertisement

 

Advertisement

05. විශ්මිත මතකයක් සහිත සිත්තරා, ස්ටෙෆන් විල්ශයර්

Advertisement

බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ස්ටෙෆන් කුඩා කළ ඔටිසම් තත්වයක් වන සවාන්ට් සින්ඩ්‍රෝම‍යෙන් පෙළෙන බව හඳුනාගන්නා ලද අතර කුඩා කළ සිටම චිත්‍ර ඇඳීමේ දක්ෂතාවය නිසා එම අංශයට යොමු කරන ලදි. ඔහුට එක් නිමේෂයක් තුල දකින ලද විශාල නගරයක් පවා ඉතා කුඩා දත්ත පවා අමතක නොකර නැවත චිත්‍රයට නැඟීමේ අපූරු හැකියාවක් ඇත. ඔටිසම් තත්වයේ සිටින බොහෝ අයට මෙවැනි අසාමාන්‍ය හැකියාවන් තිබේ.

Advertisement

 

Advertisement

06. රාධා ක්‍රිෂ්ණන් වේලු, ලෝකයේ ශක්තිමත්ම දත් ඇති මිනිසා

Advertisement

ලොව ශක්තිමත්ම දත් ඇති පුද්ගලයා වීමට අමතරව මෙම ඉන්දියානුවාට තවත් වාර්තාවත් තිබේ. ඔහු ටොන් 260ක් බරැති කෝච්චියක් දත් වලින් ඇද තිබේ. ඔහු එය මීටර් 4.2ක් දුර ඇදගෙන ගොස් තිබේ.

Advertisement

 

Advertisement

07. සීතල නොදැනෙන මිනිසා විම් හොෆ්

Advertisement

සුප්‍රකට ෆ්‍රොසන් ඇනිමේෂන් චිත්‍රපටයේද සීතල නොදැනෙන කුමරියක් සිටී. සැබෑ ලොව එම හැකියාව ඇත්තේ විම් හොෆ්ටය. ඔහු සීතලත්, උණුසුමත් දෙකටම තම ශරීරයත් මනසත් ඔරොත්තු දෙන පරිදි සකසා ගෙන ඇත්තේ පුහුණු වීම් තුලිනි. ඔහු “විම් හොෆ් ක්‍රමය” නම් පොතක්ද රචනා කර ඇත.

Advertisement

 

Advertisement

08. බෙන් අන්ඩර්වුඩ්-බැට් මෑන්

Advertisement

බෙරිටල් රෙටිනොබ්ලාස්මා නම් පිළිකා තත්වයෙන් උපතේ සිට පෙළෙන බෙන් අන්ඩර්වුඩ්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් හීන විය. නමුත් ඔහුට බයිසිකල් පැදීම, ස්කේට් බෝඩ් පැදීම, ගස් නැගීම, වීඩියෝ ගේම් ගැසීම ආදී විනෝද ක්‍රීඩා සඳහා කිසිදු බාධාවක් නොමැති බව ඔහුගේ මව සොයා ගත්තාය. එමෙන්මඔහු මුවින් නිකුත් කරන “ක්ලික්” ශබ්ධයක් හරහා එහි දෝංකාරය අසා සිට අවට දේවල් පිළිබඳ දැනගන්නා බවද ඔහුගේ මවට දැක ගැනීමට ලැබිණි. මෙය වවුලන් රාත්‍රියේ තම මාර්ගය සොයාගැනීමට භාවිතා කරන ක්‍රමයයි.

Advertisement

 

Advertisement

09. සියල්ල කන මිනිසා මයිකල් ලොටිටෝ

Advertisement

හැමදේම කන හාදයෙක් අප සියලුම දෙනා දන්නා නමුත් මේ කියන්නේ ඇත්තටම හැමදේම කන මිනිසෙකු ගැනය. මොහුට යකඩ, රබර්, වීදුරු ආදී ඕනෑම දෙයක් ආහාරයට ගත හැකිය. ඔහු මුල් වරට කුඩා අවදියේ තම නිවසේ රූපවාහිනිය කා දැමූ අතර ඔහු විසින් කා දැමූ විශාලම දෙය මගී ගුවන් යානයකි. එය සම්පුර්ණයෙන් කා දැමිමට ඔහුට වසර 2ක් ගත විය.

Advertisement

 

Advertisement

10. කෙවින් රිචර්ඩ්සන් – සිංහයන් ඇසුරු කරන්නා

Advertisement

කෙවින් අප්‍රිකාවේ සත්ව හැසිරීම් පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඔහු ඉතා දිගු කාලයක් සතුන් සම්ඟ එකට වැඩ කළේය. දැන් ඔහුට කිසිදු බියක් සැකක් නැතිව සිංහයන් සහ කොටියන් වෙත පවා ලඟා විය හැක. එම පැටවුන් සුරතල් කිරීමට සහ ඔවුන් සම්ඟ ක්‍රීඩා කිරීමටද හැක.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *