BREAKING NEWS
Search

ආණ්ඩුවට තවත් මන්ත්‍රී ධූරයක් වැඩි වෙයි

399

බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන සෙනාලි ජයසේකර සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමඟ ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන අයුරු දැකගත හැකිය.

එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන විට දැකගත හැකි වන්නේ පසුගිය වැඩසටහන් සඳහා ද ඇය සිය පියා වෙනුවට පැවති සියලු වැඩසටහන් වලට සහභාගී වී ඇති ආකාරයයි.

එම සෑම අවස්ථාවකම “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය දක්වමින් සිය දැන්වීම් ඉදිරිපත් කර ඇති බව දැකගත හැකිය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *