BREAKING NEWS
Search

මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුතු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට

1043

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ (32) ඊයේ රාත්‍රියේ වැලිකඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට ටික වේලාවකට පෙර ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.

ඊයේ රාත්‍රීයේ 10.45ට පමණ රඛිත රාජපක්ෂ පැමිණි ජීප් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් සමග ගැටි තිබෙනවා.

මේ අනතුරෙන් කාර් රථයේ සිටි සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි කාන්තාවක් කොළඹ ජාතික රොහලේ, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අනතුර සිදු වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්, රඛිත රාජපක්ෂ බීමතින් සිටියා දැයි සොයා බැලීම සඳහා ලේ සාම්පලයක් ලබාගත් බවයි.

අනතුර සිදුවීමෙන් පසු රඛිත රාජපක්ෂ රාත්‍රී 11.20ට කොළඹ, ගාලු පාරේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇත්තේ, හිසේ සිදු වූ සුළු තුවාලයක් ද සමඟයි.

වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *