රජයක් ලෙස අපි ඉන්ධන මිල වැඩි කළාට පක්ෂයක් ලෙස අපි ඒකට විරුද්ධයි – දිළුම් අමුණුගම

122

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා බවත් එය රජයක් ලෙස ඉතා අකමැත්තෙන් ගත් තීන්දුවක් බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්ධන මිල ඉහළ දැමීමට අකමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම සමස්ත ආණ්ඩුවේම තීරණයක් බැවින් ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා පමණක් වගකිව යුතු නැති බවත්, ඒ නිසා ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමුණුගම මහතා පෙන්වා දෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හරහා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජනතාවගේ විස්වාසය කඩ කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය අමාත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටී. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුමට පිළිතුරු දෙමින් දිළුම් අමුණුගම මහතා සඳහන් කළේ එය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවක් ලෙස සලකා පරාජය කිරීමට කටයුතු කරන බවයි.

Courtesy – Lankanewsweb




Leave a Reply

Your email address will not be published. Required fields are marked *