හිතේ කොනක තියන සැකය නිසා ඔබේ සබඳතාවය අතර මඟදී බිඳ වැටෙයිද

234

සැකය කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්. දෙදෙනෙක් අතර ආදර සම්බන්ධයක් ආරම්භ වුණාට පස්සේ ජීවිතයේ යම් අවස්ථාවක දී එකිනෙකා ගැන සැකයක් ඇති වෙනවා. ඔයාගේ සැමියාට හෝ ඔයාගේ සැමියා ඔයාට සාධාරන නොවන හෝ තර්කානුකූල නොවන හෝ අනවශ්‍ය ලෙස සැක කිරීම තුළින් ඔයාගේ විවාහ ජීවිතය විනාශ වීම පවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ විවාහය තුළදී මෙම හැඟීම් මඟහරවා ගැනීමට උත්සහ කරන්න. ඒ සඳහා ඔබට ගන්න පුලුවන් සාර්ථක පියවර හා ඔබට ඇති වෙන්න පුලුවන් සැකය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙන්න.

ඕනෙම බිරිඳකට, පෙම්වතියකට/සැමියෙක්ට, පෙම්වතෙක්ට ඉඳහිට අනෙකා ගැන සැකය ඇති වීම කියන්නේ ස්වාභාවික දෙයක්. ඒකෙන් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට නව පණක් ලබා ගන්නත් පුළුවන්. නමුත් එය තීව්‍ර වුණොත් හෝ තර්කානුකූල නොවුණොත් එය ඔබේ සම්බන්ධතාවයට බරපතල ලෙස අනවශ්‍ය ගැටළු ඇති කරනවා. සෞඛ්‍ය සම්පන්න ඉරිසියාව සහ අහිතකර ඉරිසියාව අතර වෙනස හඳුනා ගැනීමෙන් ඒක ඔබේ සම්බන්ධතාවයේ සාර්ථකත්වයට වැදගත් වේවී.

සාමාන්‍ය සැකය

සබඳතාවකදී සැකය පිළිබඳ හැඟීම් ඉඳහිට ඇති වීමෙන් ඔබ දෙදෙනා එකිනෙකා ගැන තැකීමක් කරන බව මතක් කරලා දෙනවා. ඒ වගේම ඉරිසියාව නිසා ආදරණිය පෙම්වතුන්ට එකිනෙකාව අගය කිරීමට පොළඹවා ගන්න පුලුවන් වෙන අතර අනෙකා ගැන තමන්ට වටිනාකමක් ද දැනෙනවා.

සැකය හැඟීම් ඉහළ නංවන අතර ඔබේ ආදරය වඩාත් ශක්තිමත් කරවන අතර ඔබේ ලිංගිකත්වය ද වඩාත් උද්‍යෝගිමත් කරනවා. ඒ නිසා ඉඳහිට ඇති වන සැකය විවාහයක ධනාත්මක බලයක් ලෙස ද ක්‍රියා කරනවා.

නිරෝගී සම්බන්ධතාවයක් ඇති දෙදෙනෙක් සැකය අත්විඳිනකොට අමිහිරි මතකයන් අමතක කරමින් ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න උත්සහ කරනවා. දෙදෙනාම එකතු වෙලා ප්‍රශ්න තාර්කිකව සාකච්ඡා කර ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණෙන්න පුලුවන් වෙනවා. ඒ නිසා ඔබ දෙදෙනාම සම්බන්ධතාවය අලුත් කිරීමට සහ පුනර්ජීවනය කිරීමට ද එය අවස්ථාවක් කර ගන්න.

සබඳතාවයට අහිතකර සැකය

නමුත් එම සැකය ම සිමාවෙන් එහාට ගිහින් ගොඩක් තීව්‍ර හෝ තාර්කික නොවුණාම කලින් කිව්වට වඩා බෙහෙවින් වෙනස් වෙනවා. අධික සැකය ඇති වීම නිසා ඔබට අනාරක්‍ෂිතත හැඟීම් අධිකව දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ අය ඊළඟට තමන්ගේ පෙම්වතාව/පෙම්වතියව පාලනය කිරීමට උත්සහ කරනවා. සැකය පාලනය කර ගන්න බැරි වුණාම නිතරම ර ණ්ඩු සහ කායි ක හි රි හැර කිරීම් පවා දෙදෙනා අතර සිදු වෙන්න පුළුවන්.

මේ ආකාරයේ ඔබේ සෞඛ්‍යයට අහිතකර සැකය හිතේ මුල් බැස ගත්තොත් ආදරය බිඳ වැටීමට ඇති බිය සහ සැබවින්ම ආදරය නොලැබීම ගැන වුණත් ඔබව කනස්සල්ලට පත් වෙන්න පුළුවන්.

සෞඛ්‍යයට අහිතකර සැකයක පෙන්නුම් කරන ලක්ෂණ:

නිතරම ඔහු/ඇය කරන්නේ මොකක්ද සහ දැනෙන්නේ මොනවාද යන්න ගැන ව්‍යා කූල හැඟීම ඇති වීම.සබඳතාවය ගැන අසාමාන්‍ය අනාරක්ෂිතබවක් සහ බියක් පෙන්වීම.සත්‍ය ගැන හොයා බලන්නේ නැතිව ඔහු/ඇයට චෝදනා ඉදිරිපත් කිරීම.ඔහුගේ/ඇයගේ හැසිරීම් සහ චේතනාවන් ගැන ඕනෑවට වඩා ප්‍රශ්න කිරීම.සිටින ස්ථානය තහවුරු කිරීම සඳහා ඔහුව/ඇයව ලුහුබැඳීම
අනෙකාගේ නිදහස සිමා කිරීම.මිතුරන් හෝ පවුලේ අයව හමු වීම තහනම් කිරීම.එකිනෙකා දුරස්ථව සිටින විට ඔහුට/ඇයට නොනවත්වා කෙටි පණිවිඩ යැවීම.

සැකය සමඟ පොරබදින මිනිස්සු බොහෝ විට බිය, කෝ පය, ශෝ කය, ක නස්ස ල්ල, දුක, සැක ය, වේදනාව, ආත්ම අනුකම්පාව සහ ලැජ්ජාව ඇතුළු හැඟීම් රාශියක් අත්විඳිනවා. ඒ වගේ අය අසාර්ථක හැඟීම් සමඟ පොරබදමින් ඉන්න නිසා දෙදෙනා අතර හැම වෙලාවේම සැක සංකා ඇති කරගන්න පුළුවන්.


සැකය බොහෝ සාධක නිසා ඇති විය හැකි අතර ඒවායින් සමහරක්:

දුර්වල ප්‍රතිරූපයක් තිබීම.වෙන් වීමට බිය වීම.ඔහුව/ඇයව පාලනය කිරීමට ඇති ආශාව.ඔහුගේ/ඇයගේ හිමිකාරිත්වය පිළිබඳව නොමඟ ගිය හැඟීමක් තිබීම.අතීතයේ වේ දනා කාරී අත්දැකීමක් ලබා දීම.වැදගත් යමක් අහිමි වීම ගැන කරදර වීම

සැකය කළමනාකරණය කර ගන්නේ මෙහෙමයි


ඔයා ආදරය කරන කෙනෙක් නම් ඒක විවාහයකින් කෙලවර වෙනවා දකින්න ආසයි තමයි. නමුත් ඒ අතරට සැකය පැටළුනොත් බොහොමයක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒක මුලදිම විසඳීම වැදගත්. ඔබේ සැකය සෞඛ්‍ය සම්පන්න ලෙස හැසිරවීම සඳහා යෝජනා කිහිපයක් මෙන්න.

පළමුවෙන්ම සැකය ඇති වීම සාමාන්‍ය දෙයක් බව වටහා ගන්න.සැකය ඇති වීමට හේතුව කුමක්ද සහ එය සමනය කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද යන්න දෙදෙනා කතා බහ කර තේරුම් ගැනීමට උත්සාහ කරන්න.සැකය ආරක්ෂා වීමට හොඳම ක්‍රමයක් නම් දෙදෙනා අතර විශ්වාසයක් නිර්මාණය කර ගැනීමයි.ඔබ දෙදෙනා අතර සෙනෙහස එකිනෙකාට පෙන්වන්න, එකට කාලය ගත කරන්න සහ එකිනෙකා සමඟ බැඳීමක් ඇති කර ගන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *