BREAKING NEWS
Search

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

377

අපේ කළා ලෝකයේ ඉන්න නව පරපුරේ දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනූෂ කියලා කියන්නේ. පහුගිය කාලයේ තිරගතවුනු ඒ ලෙවල් චිත්‍රපටයෙන් වගේම අහස්මාලිගා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඔහුගේ රංගන හැකියාවන් දැක බලාගන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම තමයි මේ දවස් වල කාගේත් කතා බහට වගේම ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන ටෙලිනාට්‍යයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ ගැන්සියේ ඉන්න සුද්දාගේ චරිතයටත් ඔහු රංගනයෙන් දායක වෙනවා.

ඉතින් සුද්දාගේ චරිතය නිසාම සුවහසක් රසික රසිකාවියන්ගේ කතා බහට ලක්වෙලා ඉන්න අපේ දක්ෂ රංගන ශිල්පියා පහුගිය දවසක ඉතාමත්ම අපූරු ආදරණීය වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඒත් එක්කම තමයි මෙහිදී ඔවුන්ගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන අයුරින් ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන සුමුදු ඉන්ද්‍රජිත් ඡායාරූප ශිල්පියා විසින්.

ඒත් එක්කම මේ අවස්ථාවේදී ඔවුන්ව මේ තරම් ලස්සනට හැඩගැන්වීම් සිදු කරලා තිබුනේ Salon Ish රූපලාවන්‍ය ආයතනය විසිනුයි. කොහොම නමුත් මේ හැමෝගෙම දායකත්වයෙන් මේ යුවලට ඉතාමත්ම අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් කවුරුත් මේ තාක් දැකල තිබුනේ නැති නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දාගේ චරිතයට පණ පොවන අපේ දක්ෂ රංගන ශිල්පී විරාජ් ටීනත් එක්ක එකතු වෙලා කරපු අපූරු වෙඩින් ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *