ආණ්ඩුවේ පාක්ෂිකයන් දුක් විදින බවත් නායකයෝ කෝටිපතියන් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
“ජනාධිපතිතුමාගේ සිට ඔය පළවෙනි පේළියේ වාඩිවෙලා ඉන්න සියලුම ඇමතිවරුන්ගේ තියෙනවා මේ කෝටි ගාණක් තමන්ගේ වත්කම්. රෝහණ විජේවීර මොනවා වුණත් එයාට වාහනයක් තිබුණේ නෑ, මියයනතුරු ගෙයක් තිබුණේ නෑ. සෝමවංශ අමරසිංහ සහෝදරයට ගෙයක් තිබුණේ නෑ අන්තිමට හිටියේ සහෝදරයාගේ ගෙදර, එක්කෝ පාක්ෂිකයින්ගේ ගෙවල් වල. නමුත් මේ මිනිස්සු අපෙන් කෙහෙල්කන්, අවිරිය අරගෙන ගිහින් අපේ රුපියල් දෙදාහ අරගෙන ගිය මිනිස්සු සල්ලි නැහැයි කියලා කෝටි දහය පහළොව තමන්ගේ වත්කම් තියෙනවා. එතකොට මේක දරාගන්න පුළුවන්ද පූර්ණකාලීකයින්ට? මේක ධනපති ක්‍රමය නෙවෙයි අර සාර්ගේ කාලේ වගේ. පාක්ෂිකයෝ දුක් විඳිනවා කන්න නැතුව, නායකයෝ ටික කෝටිපතියෝ. සියලුම නායකයෝ. ලාල් කාන්තට තට්ටු තුනේ මාලිගාවක් හැදුවා. ඔය මායාව තමයි මේ රටේ දේශපාලනය. නියම අවංක මිනිස්සු අද හොරු වෙලා තියෙනවා, හොරු ටික අවංක වෙලා තියෙනවා.”
















