හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ ක්‍රීඩාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ පුද්ගලයා සිය වීඩියෝව මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන අවුරුදු ක්‍රීඩාවක් බවයි.
අදාළ වීඩියෝවේ ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙනත් පාර්ශවයක් විසින් සිදුකරන ලද අලුත් අවුරුදු ක්‍රීඩාවකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තමන් මෙම ක්‍රියාව සිදුකරන බවයි.
දේශපාලන නායකයන් ඉලක්ක කරගනිමින් මෙලෙස ප්‍රචණ්ඩත්වය හෝ අපහාසාත්මක ක්‍රියා සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.














