BREAKING NEWS
Search

ඇමති විජේපාල නිල නිවසක් විවෘත කරයි..

108

මාතර කොට්ඨාසයේ නිලධාරීන් සඳහා නිලධාරීන් 300 කට අසුන් ගැනීමට හැකි වන පරිදි නවීන තාක්ෂණයට අනුව අංග සම්පූර්ණ වායූ සමීකරණය කරන ලද දේශන ශාලාවක් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිළ නිවස විවෘත කිරීම 2026.04.12 දින සවස් කාලයේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මාතර පොලිස් ස්ථාන භූමියේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ අහංගම, කොටවිල හා දික්වැල්ල පොලිස් ස්ථාන, ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස් මංහන්දිය, අහුංගල්ල, හික්කඩුව හා අක්මීමන පොලිස් ස්ථාන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස, මත්තල හා කිරින්ද පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ගේ පොලිස් නිළ නිවාස ද විවෘතකිරීම සිදුවිය.

මෙම අවස්ථාවට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර, ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධරයන් විශාල පිරිසක් සහභාගි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *