BREAKING NEWS
Search

ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

76

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නම් ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේ දි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සොයාගත් සිරුරු 87ම ගොඩබිමට රැගෙන විත් කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි.

එමෙන්ම රෝහල්ගත කළ 32 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබන බද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ ඉරාන ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහල් පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නැව මුහුදුබත් විය.

නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ එහි 180කට ආසන්න පිරිසක් සිට ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *