BREAKING NEWS
Search

තෙල් පෝලිමේ සිටිය අයකු හෘදයාබාධයකින් මරුට

203

ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් පෙරේදා (1වැනිදා) කුරුණෑගල ගෝනගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේම හෘදයාබාධයකට ලක්ව ඇද වැටීමෙන් මරණයට පත්ව ඇත.

මරණයට පත් පුද්ගලයා වැල්ල ප්‍රදේශයේ පදිංචි 44 පුද්ගලයෙක් වන අතර මේ දින වල සිදුවන මැද පෙර දිග යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හල් වලට රැස් වෙද්දී මිය ගිය පුද්ගලයාද තම යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීම සදහා ගෝණගම සමූපකාර පිරවුම්හල වෙත පෙරේදා සවස ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී දිගු පොලිමක් එහි පැවතී තිබෙනවා. ඔහු යතුරු පැදිය සමග පෝලිමේ රැඳී සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. පසුව 119 හදිසි ජංගම ගිලන් රථයක් මගින් කුරුනෑගල රෝහල වෙත යොමු කරත් ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *