BREAKING NEWS
Search

සිය ක්‍රිකට් දිවියේ නොමැකෙන මතක ඉතුරු කළ ක්‍රීඩකයෙක් දිවි ගමනට සමුදෙයි..

0
මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ ක්‍රීඩකයෙකු ගැන ඇසෙන අතිශ්‍යට දුක්බර පුවතක්.
හිටපු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෝනි පිගොට් (Tony Pigott) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 67ක්.

හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.

1984 වසරේ නවසීලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීම සඳහා ඔහු තමාගේම විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කිරීම එවකට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහට ලක්වුණා.

සිය මංගල පළමු පෙළ තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබා ගැනීමට ඔහු සමත් වුණා.

වසර 18ක් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ පිගොට්, පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙසද කටයුතු කළා.

සසෙක්ස් කණ්ඩායම 2003 වසරේදී සිය ප්‍රථම ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමුවේ ඔහු බව බොහෝ දෙනා පිළිගනු ලබනවා.

සිය ක්‍රිකට් දිවිය තුළ පළමු පෙළ සහ ‘A’ ශ්‍රේණියේ තරඟවලදී කඩුලු 1,000කට වඩා ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *