නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදුවිය.
මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට බියගම පොලිස් වසමේ පේරගස්හන්දිය ප්‍රදේශයේදී මෙම අපරාධය සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 24ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් අපරාධය මෙහෙයවා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇත.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















