BREAKING NEWS
Search

බෙංගාල බොක්කේ කැලබීමක් – රට පුරා වෙන්න යන දේ මෙන්න

3189

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 8 වැනි දා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු – මැද නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් බලා පොරොත්තු වේ.

නැගෙනහිර, මධ්‍යම ඌව, උතුරු – මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වේ.

ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොලොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *