BREAKING NEWS
Search

2026 පාසල් කාලසටහන සංශෝධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

709

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර තුළ දී පාසල් පැවැත්වෙන වේලාව දැනට ක්‍රියාත්මක වන පරිදි ම පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මින් පෙර ලබා දුන් උපදෙස් පරිදි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *