පහුගිය දවස්වල මුළු රටේම දෙමවුපියන් කලබල කරපු 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ (English Module) කතාව දැන් අලුත්ම තැනකට ඇවිත්.
මේ මතභේදාත්මක සිද්ධිය නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද විශේෂ දැනුම් දීමකට අනුව ඇය මෙම පියවර ගෙන ඇති බවයි. අදාළ මොඩියුලය සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ නිම වන තෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත් වී සිටිනු ඇති.
6 වන ශ්‍රේණියේ දරුවන් සඳහා සකස් කරන ලද ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත් කර තිබූ එක්තරා වෙබ් අඩවි ලිපිනයක් (Link) හරහා සමරිසි අන්තර්ගතයන් සහිත අසභ්‍ය වෙබ් අඩවියකට පිවිසීමට හැකි බව සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මෙම මොඩියුලය සකස් කිරීමේදී බරපතල දෝෂ සහ වගකීම් පැහැර හැරීම් සිදුවී ඇති බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



















