BREAKING NEWS
Search

පාදෙණියේ මාරක අනතුරකින් මවක හා පුතෙකු මරුට

163

අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී අද (21) දහවල් අනතුරට ලක්ව තිබේ.

ගල්ගමුව රෝහල වෙත ගමන් කරමින් තිබූ එම ත්‍රීරෝද රථය,  අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ඩීමෝ බට්ටා වර්ගයේ  ලොරි රථයක මුහුණට මුහුණ ගැටී ඇත.

එමෙන්ම අනතුරට ලක්වූ ලොරි රථයට පසුපසින් පැමිණි තවත් ත්‍රී⁣රෝද රථයදක්ද මෙම ලොරි රථයෙහි ගැටී තිබේ.

කෙසේ නමුත් මෙම අනතුරින් මුහුණට මුහුණ ගැටුන ත්‍රීරෝද රථයේ රියදුරු හා රථයේ ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ මව සහ පුතා බව සඳහන්.

අනතුරට ලක්වන විට ත්‍රීරෝද රථයේ පස් දෙනෙකු ගමන්කර ඇති අතර, ඔවුන්ද ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුපසින් පැමිණි ලොරි රථයේ ද සිව්දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස කොටසට පමණක් හානි වි ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *