BREAKING NEWS
Search

ප්‍රදේශ රැසකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

432

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මගින් සිදුකරනු ලබන මාර්ග පවිත්‍ර කිරීමේ සහ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල මෙන්ම,

කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *